Posted on 09.28.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මොනරාගල ඇතිමලේ පාරම්පරික ගොවි ඉඩම්වලින් බලහත්කාරීව ඉවත්කර පෞද්ගලික සමාගම් කිහිපයකට විකුණා දැමීමට එරෙහිව අද(28) දින ගොවීන් විසින් ඇතිමලේ නගර මධ්‍යයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
අවස්ථා කිහිපයකදී පාරම්පරික ගොවි ඉඩම් වලින් යැපුණු ඇතිමලේ පවුල් විශාල සංඛ්‍යාවක් බලහත්කාරයෙන් ඉන් ඉවත් කරමින් අක්කර ගණනාවක භූමි ප්‍රදේශ පෞද්ගලික සමාගම් වෙත අසාධාරණ ලෙස විකුණා දැමීමට විහාරමුල්ල විහාරාධිපති හිමියන් විසින් කටයුතු කර තිබුණි.
එලෙස බලහත්කාරීව ඉවත් කිරීමට එරෙහිව ගොවීන් දිගින් දිගටම විරෝධතාවයේ නියැළුණු අතර ඒ සියළු අවස්ථාවලදී පොලිසිය ද අදාළ සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින් ක්‍රියා කරන ලදි.
ඇතිමලේ වැවිලි සමාගම, මැලිබන් පුද්ගලික සමාගම සහ ග්‍රීන් ලංකා සමගම වෙත මෙලෙස පාරම්පරික ඉඩම් විකුණා දමා ඇත. මෙලෙස විකුණන ඉඩම් වල ගොවීන් විසින් දීර්ඝ කාලීන බෝග පවා වගා කරමින් වසර ගණනාවක් පුරාවට ගොවිතැන් කර තිබෙන අතර අදාළ පාරම්පරික හිමිකම මෙන්ම සිය එකම ජිවනෝපාය උදුරා ගනිමින් සිදු කරගෙන යන මෙම අසාධාරණයට එරෙහිව ගොවි අරගල ව්‍යාපාරය විසින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත විය.
කෘෂි කර්මාන්තය මෙන්ම ගොවී ජනතාවද ප්‍රග්ධනයේ වහල්භාවයට නතු කිරීමේ අසාධාරණ ප්‍රතිපත්තිමය උත්සාහය වෙනුවෙන් ආණ්ඩුව ඇතුළු සියළු පාලන ක්‍රමවේදයන් උත්සහ කරමින් සිටින බව දක්නට ඇත.
