தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
බැදුම්කර වංචාවේ විමර්ශන වාර්තාව ජනාධිපතිට - යුක්තිය ඉටු කරන්නට තවත් වසරක් යයිද? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බැදුම්කර වංචාවේ විමර්ශන වාර්තාව ජනාධිපතිට – යුක්තිය ඉටු කරන්නට තවත් වසරක් යයිද?



2015 සිදුවූ දූෂිත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බාර දෙන ලදි.

2015 වත්මන් අාණ්ඩුව බලයට පත්වූ කාලයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට 2017 වසර මුලදී ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවක් පත් කරනු ලැබිණි. කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදෙන ලදි.  කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය සහ එහි සාමාජිකයින් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ද මෙම අවස්ථාවට එක්වූහ.
වසරක් මුලුල්ලේ විමර්ශන කළ නමුත් මෙම බැදුම්කර ගනුදෙනුව පිළිබද යුක්තිය ඉටුකරන්නට අාණ්ඩුවට අවශ්‍ය යැයි පිළිගත නොහැකි කරුනු හෙළිදරව් වී අැත. කෙසේවෙතත් මෙම මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධ සිදුවීම විසින්ම පවතින ධනපති අර්ථිකයේ මූලික යාන්ත්‍රනයේ වංචනික ස්වභාවය හෙළිදරව් කරවයි. මහබැංකුව යනු මහජන අරමුදල් සම්බන්ධව සහ රටේ මූලික අාර්ථික ගමන තීනදු කරන මර්මස්ථානයයි. ඒහි ප්‍රධානින් අනුදැනුම යටතේ සිදුව අැති වංචාව නිසා සිදුව අැති අවාසිය ඉදිරි වසර දසක ගණනකට බලපාන බවට අනාවැකි පළ වී අැත.

ඒපමණක් නොව සරල සොරකමකදී පවා සැකකරුවන් සිරගත කරමින් සිදුකරන හිංසා කිසිත් නොමැතිව මහබැංකු බැදුම්කර වංචනික ධනපතියෝ නිදැල්ලේ කටයුතු කරති. ඒයින්ම ධනපති නීතිය විසින් හිරිහැර කරන්නේ සහ අුාරක්ෂා කරන්නේ කවුරුන්ද යන්න පෙන්නුම් කරයි.