தமிழ்
English
Contact
Friday 5th January 2018    
රාජපක්ෂ ආණ්ඩුවේ මුල්‍ය වංචාව ඇමති මණ්ඩල තීරණයකින් නීත්‍යනුකූල කිරීමට යයි ! - වෘත්තිය සමිති සන්ධානය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජපක්ෂ ආණ්ඩුවේ මුල්‍ය වංචාව ඇමති මණ්ඩල තීරණයකින් නීත්‍යනුකූල කිරීමට යයි ! – වෘත්තිය සමිති සන්ධානය



රාජපක්ෂ ආණ්ඩුවේ නායකයන් හා ලංවිම බලධාරින් එක්ව සිදුකළ රු.කෝටි 150ක් ඉක්මවන මූල්‍ය වංචාව යටගැසීමේ කැබිනට් පත්රියකාවක් අද (24) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ පවසයි.
මෙම වංචාව පිළිබද නීතිය ක්‍රියාත්මක කරන ලෙස වත්මන් ආණ්ඩුවට බලකරමින් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් සැප්තැම්බර් මාසයේ දීර්ඝ වැඩවර්ජනයක් සිදුකරන ලදි. කෙසේවෙතත් වැඩවර්ජනය අවසන් කිරීම සදහා එකග වු කරුණුවලට මුවා වී ආණ්ඩුව විසින් කැබිනට් පත්‍රිකාවක් සකස්කර, මෙම මූල්‍ය වංචාව නීත්‍යනුකූල කිරීම සදහා අද දින කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබාගැනීමට නියමිත බව දැනගන්නට ඇත.
විදුලි සේවකයන් සමග වූ එකගතාව උල්ලංඝණය කරමින් කෝටි 150ක මූල්‍ය වංචාවේ බර ජනතාව මත පැටවීමේ උත්සාහයට අනුමැතිය හිමි වුවහොත් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සියලුම වෘත්තීය සමිති හෙට (25) දින දවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග සදහා සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.