Posted on 09.15.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ලංකා විදුලි බලමණ්ඩල සේවකයින් ආරම්භ කරන ලද වැඩවර්ජනය මර්ධනය කිරීම සඳහා විශ්‍රාම ගිය සේවකයින් යලි සේවයට කැඳවීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2014/09/01 දිනට පසුව විශ්‍රාම ගිය සේවකයින් මෙලෙස නැවත සිය රැකියාව සඳහා කැඳවීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. කෙසේ වෙතත් ආණ්ඩුව මෙම වර්ජනයට හේතු වූ එකදු ඉල්ලීමක් සම්බන්ධයෙන් හෝ පිළිතුරු ලබා දෙනවා වෙනුවට අදාළ කාර්යන් කෙසේ හෝ කරගැනීම උදෙසා මෙම ක්‍රියාමාර්ගය ඇතුළු වැඩවර්ජනය මර්ධනය කිරීමට හත හැකි සියළු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පැහැදිලිය.
මෙම වැඩවර්ජනය ආරම්භ වීමත් සමඟම ආණ්ඩුව අත්‍යාවශ්‍ය සේවා ලෙස නම්කරමින් විදුලි බලමණ්ඩල සේවකයිනගේ සියළු නිවාඩු අවලංගු කර තිබු අතර විදුලි සේවකයින් ඒ සියළු රෙගුලාසි අභියෝගයට ලක්කරමින් තවදුරටත් වැඩවර්ජනයේ නියැලෙමින් සිටී.