Posted on 09.14.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති විසින් අද(13) දින දහවල් 12 සිට දින දෙකක් අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බවට කළමණාකාරීත්වයට දැනුම් දී තිබියදී සැප්තැම්බර් 20 වන දා දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර අැත.
ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ.කේ.සමරසිංහ පවසන්නේ සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව මත සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරන බවට චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බවයි. අඛණ්ඩව විදුලිය සැපයීම විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකීමක් බැවින් එම අවශ්‍යතාවය සළකා බලා අද සිට සැප්තැම්බර් 20 දක්වා සියලු සේවකයින්ගේ මෙලෙස නිවාඩු අවලංගු කර ඇති බවද ඔහු පවසයි.