தமிழ்
English
Contact
Thursday 14th December 2017    
කොළඹ – නුවර අධිවේගි මාර්ගයෙන් මහනුවර තදබදය ඉහළට ! දුම්රිය ප්‍රවාහනය විකල්පයක් « Lanka Views | Views of the truth

කොළඹ – නුවර අධිවේගි මාර්ගයෙන් මහනුවර තදබදය ඉහළට ! දුම්රිය ප්‍රවාහනය විකල්පයක්



කඩවත සිට නුවර බලා දිවෙන ‘මධ්‍යම අධිවේගි මාර්ගය‘ නිසා මහනුවර නගරයේ මාර්ග තදබදය උග්‍ර වියහැකකි බවට ප්‍රවාහන ක්ෂේත්‍රෙය් විද්වතුන් අනතුරු අගවා ඇත.
මේ වනවිට ඉදිවෙමින් පවතින මෙම අධිවේගි මාර්ගය ගලගෙදර ප්‍රදේයෙන් අවසන් වන්නේ කුරුණෑගල – මහනුවර මහාමාර්ගයට විවෘත වීමෙනි. ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා වාහන සංඛ්‍යාව කුරුනෑගල මහාමාර්ගයෙන් කටුගස්තොට හරහා මහනුවර නගරයට පිවිසීමේදී විශාල මාර්ග තදබදයක් හටගනු ඇති බවයි. දැනටමත් කටුගස්තොට – මහනුවර පිවිසුම් මාර්ගය මහත් රථවාහන තදබදයක් පවතින අතර මාර්ගය පුලුල් කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වේ.
මෙම ගැටලුව සදහා විසදුම ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රෙය් විද්වතකු වන මහාචාර්ය අමල් කුමාරගේ විසින් ඉදිරිපත් කරන්නේ දුම්රිය ප්‍රවාහනය සංවර්ධනය කළ යුතු බවයි. කොළඹ – මහනුවර A-1 මාර්ගය ඔස්සේ මහනුවර බලා යාමට පැය 4 මිනිත්කතු 45ට ආසන්න කාලයක් ගතවන බව බස් මගීහු මැසිවිලි නගති. එහෙත් දුම්රිය ගමන් වාරයක් සදහා වැය වන්නේ පැය දෙකහමාරක් වැනි කාලයකි. මේ තත්වය තුළ අධිවේගි මාර්ගයට වඩා දැනටමත් පවතින දුම්රිය මාර්ගය ඔස්සේ ගමනාගමන පහසුකම් වැඩිදියුනු කිරීමට පියවර ගත යුතු බව මහාචාර්ය කුමාරගේ විසින් දිගු කලක් තිස්සේ ඉදිරිපත් කරන මතයකි.
කෙසේවෙතත් රාජපක්ෂ පාලනය යටතේ මෙන්ම වර්තමාන ආණ්ඩුව යටතේ මාර්ග ව්‍යාපෘති යනු අධික ධනස්කන්ධයක් වැයකරන ව්‍යාපෘති වේ. මෙම ව්‍යාපෘති නිසා විශාල කොමිස් මුදලක් දේශපාලකයන්ට මෙන්ම නිලධාරින්ට හිමිවන නිසා වැඩි ප්‍රමුඛතාව හිමිවන්නේ එවැනි අධික ධනස්කන්ධයක් වැය කරන විසදුම්වලටය. ජනතා අරමුදල් කළමනාකරණය කරමින් මගී ප්‍රවාහනය වැඩිදියුනු කිරිම වෙනුවට පරම්පරා ගනනකට හම්බ කිරීම අධිවේගි හා මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල අවසන් ප්‍රතිඵලයයි. එහෙත් අධිවේගි මාර්ග ඉදිකිරීමෙන් මාර්ග තදබදයට විසදුම් නොලැබෙන බව කටුනායක හා දක්ෂින අධිවේගි මාර්ග හරහා සනාථ වුවද පාලකයන්ට එය අදාළ වී නැත.