தமிழ்
English
Contact
Sunday 22nd April 2018    
පෙ.ස.ප. ඉල්මහ විරු සමරු වැඩසටහන් 4 ක්… « Lanka Views | Views of the truth

පෙ.ස.ප. ඉල්මහ විරු සමරු වැඩසටහන් 4 ක්…



1987-89 අරගලය රජයේ මර්දනෙයෙන් යටපත් කර 28 වසරක් ඉකුත්වීම නිමිති කොටගෙන ‘28වන ඉල්මහ විරු සමරු‘ වැඩසටහන් ‘ඔබ මියගොස් නැත’ තේමාවෙන් නොවැම්බර් 13වැනිදා දිවයිනේ ස්ථාන හතරකදී පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කටයුතු සූදානම්කර ඇත.
1987-89 අරගලයේදී දිවිපිදු සියලු විප්ලවවාදීන් පිළිබඳ මතකය අවදි කරමින්, අරගලයේ සාධනීය සහ නිශේධනීය පැති පිළිබඳ දේශපාලන සාකච්ඡාවක් සමග වාර්ෂිකව පවත්වන මෙම සියලු සමරු වැඩසටහන් නොවැම්බර් 13වැනිදා සවස 3ට ආරම්භ කෙරේ.
මෙවර පෙ.ස.ප. විසින් 28වන ඉල්මහ විරු සමරු වැඩසටහන් පවත්වෙන ස්ථාන ලෙස ගාල්ල කරන්දෙනිය, මහනුවර, පොලොන්නරුව සහ හලාවත වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.