தமிழ்
English
Contact
Thursday 14th December 2017    
2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල බදාගන්න රාජපක්ෂලා වැය කළ  මුලු මුදල රු.මිලියන 620ක් « Lanka Views | Views of the truth

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල බදාගන්න රාජපක්ෂලා වැය කළ මුලු මුදල රු.මිලියන 620ක්



මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් සත්කාරක රට බවට පත්වන්නට නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ගත් අසාර්ථක උත්සාහය සදහා සමස්තයක් ලෙස රුපියල් මිලියන 620ක් පමණ වැය කර ඇති බව හෙළිව තිබේ.

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ලංකාව සදහා ක්‍රියාත්මක කළ මහා පරිමාණ ප්‍රචාරක වැඩසටහන වෙනුවෙන් මෙම මුදල සපයන්නට දායක වූයේ පෞද්ගලික අංශයෙන් රුපියල් මිලියන 519ක් සහ රාජ්‍ය අංශයෙන් මිලියන 190ක් දායකවී ගොඩනැගූ අරමුදලකිනි. එකී ක්‍රීඩා තරගවලිය් වෙනුවෙන් 2011 පැවැති සුදුසුකම් තේරීමේ අවස්ථාවෙන් ලංකාව පරාජයට පත්ව වැය කළ මහා මුදල නිශ්ඵල විය. මෙහිදී ක්‍රීඩා අමාත්‍යංශයෙන් රුපියල් මිලියන 110ක් ඇතුලු සමස්ත රාජ්‍ය වැයශීර්ෂය රුපියල් මිලියන 190කට අධික විය. පෞද්ගලික අංශයෙන් මිලියන 519ක් උපයන ලදී. ඒ අතර මහබැංකු බැදුම්කර සිදුවීමේදී චෝදනාවට ලක් වූ අර්ජුන් ඇලෝසියස් සතු පර්පෙචුවල් ඇසට් මැනේජ්මන්ට් සමාගම විසින් රුපියල් මිලියන 15කි. මීට අමතරව ‘පරිසර සම්පත් ආයෝජක සමාගම‘ නමැති තවත් ආයතනයකින් රුපියල් මිලියන 75ක් වැයකර ඇත.