Posted on 12.12.2017 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත with 0 Comments
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දෙසැම්බර් 8 වැනිදා දක්වා ගතවූ කාලය තුළ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8548 ක් ලැබි ඇත. ඉන් වැඩිම සංඛ්‍යාව වන 2037 ක පැමිණිලි ලැබි ඇත්තේ ළමයින් කෲර අන්දමින් හිංසනයට පත්කිරීම සම්බන්ධයෙනි. ඊට අමතරව ලිංගික අතවර කිරීම් පිළිබඳ පැමිණිලි 481 ක් ලැබි ඇති අතර බරපතළ ලිංගික අපයෝජන පැමිණිලි 284 ක් ලැබි ඇත. වයස අවුරුදු 18 ට අඩු ස්ත්‍රින් සම්බන්ධ ලිංගික අපරාධ 332 ක්, ළමා ශ්‍රමිකභාවයට අදාළ පැමිණිලි 246 ක්ද වාර්තා වී ඇත.
ලැබි අැති සංඛ්‍යාලේඛන අනුව ළමා අපයෝජන වැඩි වහයෙන්ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරි යේ සභාපතිනි මරිනි ද ලිවේරා පවසයි. වර්ෂය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් විවිධ මට්ටමෙන් ළමුන් අපයෝජනය කිරිමේ සිද්ධීන් සම්බන්ධ පැමිණිලි 1232 ක් පිළිබඳව වාර්තා වී ඇත. ඒසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 925 ක්, කළුතරින් පැමිණිලි 550 ක්, කුරුණැගලින් 647 ක්, රත්නපුරෙන් 490 ක්, ගාල්ලෙන් 546 ක්, යාපනයෙන් 177 ක්, වව්නියාවෙන් 122 ක්, මඩකලපුවෙන් 170 ක්, මුලතිව් 125 ක් සහ කිලිනොච්චි 117 ක් වශයෙන් පැමිණිලි පිළිබඳ ජාතික ළමාරක්ෂක අධිකාරියට වාර්තා වී අැත.
විවිධ අවස්ථාවල සමාජය තුළ දේශනා හැටියට කියනු ලබන අන්දමට ළමුන් යනු අාදරයෙන් රැක බලාගත යුතු සම්පතක් බව පිළිගැනීමක් තිබුණද ලාභය පමණක් හඹා යන සමාජයක් තුල ඒය තවත් ලාභ උපදවන පාරිෙභා්ගික භාණ්ඩයක් බවට ෙපරලාගනිමින් තිබේ. කාන්තාව මෙන්ම දරුවන් හුවමාරු වටිනාකම් මත තීරණය කරන්නට පොළඹවන අන්දමේ වාණිජ ගනන් බැලීම් අවසන් කරන තුරු මෙවැනි අපරාධ හා අපයෝජන වාර්තා අවසන් නෙවානු අැත.