தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
බාහිර උපාධිය කප්පාදු කිරීමේ තීන්දුව නැවතත් ක්‍රියාත්මක කරයි ! - බාහිර උපාධි සුරැකීමේ ගුරු සිසු මධ්‍යස්ථානය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බාහිර උපාධිය කප්පාදු කිරීමේ තීන්දුව නැවතත් ක්‍රියාත්මක කරයි ! – බාහිර උපාධි සුරැකීමේ ගුරු සිසු මධ්‍යස්ථානය



ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලිකකරණ සැලැස්මට අනුව විශ්ව විද්‍යාලවල බාහිර උපාධි පාඨමාලා කප්පාදු කිරීමේ උත්සාහයක් නැවතත් ඉදිරියට ගෙන අැති බව බාහිර උපාධි සුරැකීමේ ගුරු සිසු මධ්‍යස්ථානය පවසයි.

නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී බාහිර උපාධි පාඨමාලාව සදහා බදවා ගනු ලබන්නේ විශ්වවිද්‍යාල අභ්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණක් බව දැනටමත් නිවේදනය කර අැත. බාහිර උපාධි සුරැකීමේ ගුරු සිසු මධ්‍යස්ථානය වෙනුවෙන් ඒහි ප්‍රකාශක ධම්මික මුණසිංහ පවසන අාකාරයට ආණ්ඩුව එක පැත්තකින් උසස්පෙළ සමතුන් ගැන කිඹුල් කදුළු හෙළමින්, ඔවුන්ට උසස් අධ්‍යාපන අවස්ථා අහිමිවීම ගැන කොදුරන අතර අනෙක් පැත්තෙන් උසස්පෙළ සමත් විශාල ප්‍රමාණයකට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අහෝසි කිරීමට කටයුතු කරමින් සිටී. මේ සම්බන්ධව විවිධ හේතු පවසමින් අාණ්ඩුව මේ සැරසෙන්නේ උපාධි කඩ වෙත උසස්පෙළ සමතුන් ප්‍රවේශ කරවීම බව ඔහු පෙන්වා දෙයි. හතු පිපෙන්නක් මෙන් දැන් දැන් රට වටේම පෞද්ගලික උපධි ආයතන ඇරඹීමට පටන් ගෙන ඇති අතර ඒ් සියලු පෞද්ගලික උපාධි කඩ අාරම්භ වන්නේ ආණ්ඩුවේ ආශිර්වාදය මධ්‍යයේ ය. ඒ් අතරතුර රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිරිනමන උපාධි පාඨමාලාවලට බදවාගැනීම් සීමාකරන්නේ උසස් පෙළ කඩඉමෙන් පිටමං කෙරුනද අධ්‍යාපනය වෙනුවෙන් උනන්දුවක් අැති අඩු අාදායම්ලාභී පවුල්වල දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති ඒම අවස්ථාවත් නැති කර දැමීමට බව පවසන බාහිර උපාධි සුරැකීමේ ගුරු සිසු මධ්‍යස්ථානය මේ අත්තනෝමතික තීරණයට එරෙහිව සියලුදෙනා එකතුව සටන් කල යුතු බව අවධාරණය කරයි.