தமிழ்
English
Contact
Wednesday 29th November 2017    
පුන්කුඩුතිව්හි පාසල් දැරිය රුදුරු ඉරණමකට ගොදුරු කළ අපරාධකරුවෝ පෝරකයට ! « Lanka Views | Views of the truth

පුන්කුඩුතිව්හි පාසල් දැරිය රුදුරු ඉරණමකට ගොදුරු කළ අපරාධකරුවෝ පෝරකයට !



යාපනයේ පුන්කුඩුතිව්හි 18 හැවිරිදි පාසල් දැරියක වූ ශිවයෝගනාදන් විද්‍යා පැරගෙන යාමේ හා  අපයෝජනය කර ඝාතන කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් 7 දෙනකුට යාපනය මහාධිකරණය විසින්  අද (26) මරණ දඩුවම නියමකරන ලදී.

ප්‍රධාන සැකකරුවන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් ඇතුළු නවදෙනකු අතුරින් හත් දෙනෙකුට මෙසේ ඒකමතික තීනුදවකින් මරණීය දණ්ඩනය නියම කරන ලද්දේ එම නඩුව විභාග කිරිමට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. දියණියට සිදු වූ අපරාධය සම්බන්ධව අද දිනයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන බැවින් එහි පැමිණෙන ලෙස විද්‍යා දැරියගේ මව වන ශිව යෝගනාදන් සරස්වතී මහත්මියටද අධිකරණ විසින් දන්වා තිබිණි.

2015 මැයි මස 13දා සිදුවූ මෙම අපරාධය සම්බන්ධ සැකකරුවන් ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කෙරුණේ පුබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පුබාලසිංහම් ජයකුමාර්, පුබාලසිංහම් තවකුමාර්, මහාලිංගම් ශෂේන්ද්‍ර, පිල්ලේනාදන් චන්ද්‍රහාසන්, ශිවදේවන් දුෂාන්, පලනිරූපසිංහම් කුගදාසන්, ජයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් යන විත්ති කරුවන් නව දෙනකුට එරෙහිව අධි චෝදන 47ක් යටතේ යාපනය මහ අධිකරණය දී මෙම නඩුව විභාගයට ගැණුනි.

කොළඹ මහාධිකරණයෙන් පිටස්තරව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාගයක් පැවැති ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙම නඩුවට එසේ පත්කළ විනිසුරු මඩුල්ලට අයත් වූයේ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ වවුනියා මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්ය.