Posted on 11.08.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය පීඨ මව්පියන් මාරාන්තික උපවාසයක යෙදී සිටියදීත් සයිටම් අර්බුදය සාධාරණ ලෙස විසදන්නට වෛද්‍යපීඨාධිවරු ක්‍රමවේදයක් යෝජනා කරතිබියදීත් ඒ පිළිබද නොසළකා සිටිම පිළිබද විරෝධය පල කරමින් රජයේ දන්ත වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.
එම ලිපිය මගින් ඔවුන් දනවා ඇත්තේ අද සවස 6.00ට පෙර සයිටම්පි ගැටලුවට ආණ්ඩුව විසින් පිළිගත හැකි විසදුමක් නොදුන්නොත් හෙට උදයේ 8.00 සිට සේවයෙන් බැහැරවන්නට රජයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු මා ශල්‍ය වෛද්‍යවරු තීරණය කර ඇති බවයි. මේ තාක් දුට මෙම ගැටලුව දික්ගැසීම පිළිබද කනගාටුව පල කරන එම සංගමය මව්පිය ජීවිත අනතුරට පත්ව සිටියදීත් රජය මැදිහත් නොවීම නිසා අකැමැත්තෙන් හෝ මෙම තීරණය ගන්නා බවයි. රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරි සංගමය වෙනුවෙන් ජනාධිපතිවරයාට මෙම ලිපිය ලියා ඇත්තේ එම සංගමයේ ලේකම් විපුල වික්‍රමසිංහ විසිනි.
