தமிழ்
English
Contact
Thursday 14th December 2017    
මැතිවරණ කොමසාරිස්ගේ අදහස් නිසා රාජ්‍ය අමාත්‍ය ඩිලාන්ට සැකයිලු ! « Lanka Views | Views of the truth

මැතිවරණ කොමසාරිස්ගේ අදහස් නිසා රාජ්‍ය අමාත්‍ය ඩිලාන්ට සැකයිලු !



ලංකාවේ සෑම පළාත් සභා මැතිවරණයකම මනාප ඡන්ද ක්‍රමය නැතිව කොට්ඨාශ ක්‍රමය ගේන්න තමන්ට අවශ්‍ය වූ බවත් ඡන්දය පවත්වන්නේ නැතිව කල් දැමීම තම පරමාර්ථය නොවූ බවත් මැතිවරණ කොමසාරිස් ඊට පටහැනි අදහස් පළ කිරිම නිසා ඔහුගේ ස්වාධිනත්වය ගැන සැක පහළ වන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

ඊයේ (16) හාලි ඇල පැවති රැස්වීමකදී ඔහු මෙසේද කියා සිටියේය. “අපට අවශ්‍ය වුණේ පළාත් සභා මනාප ඡන්ද ක්‍රමය නැතිව ගේන්නයි. කොට්ඨාශ ක්‍රමය ගේනකොට චුට්ටක් කල් යනවා. දැන් මට පේනවා රටේ මැතිවරණ කොමසාරිස් තුමත් වැඩියෙන් මනාප, මනාප ක්‍රමයට වගේ. අපිට මුකුත් කියන්නත් බැහැ. එතුමා ස්වාධීනයිනෙ. හැබැයි ස්වාධීන ද මොන දීන ද මම දන්නේ නැහැ. එතුමා ඊයේ කිව්ව මම ජනවාරි 6 ට පළාත් පාලන ඡන්දය දැම්මේ මනාප ඡන්ද ක්‍රමයට මට සබරගමුවයි, උතුරුමැදයි, නැගෙනහිරයි බලන්න  ඕන හින්ද කියලා.”

ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරයකු පළාත් පාලන මැතිවරන පසුපසට දමා මනාප ඡන්ද ක්‍රමයට පවත්වන පළාත් සභා මැතිවරණය පෙරට ගන්නේ කෙසේදැයි තමාට ගැටලුවක් ඇති බව රාජ්‍ය ඇමති ඩිලාන් වැඩිදුරටත් පැවසීය.  මනාප ඡන්ද ක්‍රමය අහෝසිකර කොට්ඨාසයකින් ඡන්ද අනුව 60%ක් සහ සමානුපාතික නියෝජනයෙන් 40%ක් නියෝජිතයන් තෝරා ගන්නා ක්‍රමය පළාත් සභා මැතිවරණයට හදුන්වා දෙන්නට පෙර මෙවැනි පියවර ගැනීම නිසා  කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද යන්න ගැන තමන්ට සැකයක් ඇති බවද ඔහු කීය.

2012 පැවැත්වීමට නියමිත වූ පළාත්පාලන මැතිවරණ දිගින් දිගටම කල්දමනු ලැබුවේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරමින් කොට්ඨාශ නියෝජනයද ඇතුළත ක්‍රමයක් ඇතිකිරිමට තීරණය කිරිම නිසාය. එහිදී දේශපාලන පක්ෂවල විරෝධය හමුවේ සමානුපාතික නියෝජනයක් සහිතව සංහෝදනය ගෙන එන්නට සිදු විය. කෙසේවෙතත් වසර ගණනාවක් කල්දැමූ පළාත්පාලන මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට තිරණ ගන්නට නොදී  බලපෑම් කරන්නට වත්මන් ආණ්ඩුවටද කටයුතු කර ඇත.