தமிழ்
English
Contact
Monday 22nd January 2018    
ද්විත්ව පුරවැසිභාවය නිසා ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකයින් දෙදෙනෙකු ඉවත්වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ද්විත්ව පුරවැසිභාවය නිසා ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකයින් දෙදෙනෙකු ඉවත්වේ



ද්විත්ව පුරවැසිභාවය නිසා ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකයින් දෙදෙනෙකුට සිය මන්ත්‍රීධුරයන් අහිමිවේ.මෙසේ ඉල්ලා අස්වීමට සිදුව ඇති මන්ත්‍රීවරිය වන්නේ ලැරිසා වෝර්ටර්ස් හා ස්කෝල්ට් ලුඩ්ලාම් යන දෙදෙනාය.

මොවුන් දෙදෙනාම ද්විත්වපුරවැසිභාවය හේතුවන් පසුව පසුගිය 18 දා ඉල්ලා අස්වී ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි. පසුගියදා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සිය දියණියට කිරිපොවමින් සෙනෙට් මණ්ඩලයේ රැදී සිටි ලැරිසා වෝර්ටර්ස්හට මින් එක් අයෙකි. ලැරිසා වෝර්ටර්ස්හට ජාත්‍යන්තර අවධානය යොමුවූයේ ඇය එරට ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සභාගර්භයේදී සිය දියණියට මව්කිරි ලබාදීමේ සිද්ධියෙන් පසුවය.

මෙවර ඇයට නැවතත් ජාත්‍යන්තර මාධ්‍ය අවධානය යොමුවූයේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් සිය සෙනෙට් මන්ත්‍රීධුරය අහිමිවීමත් සමගය. ඇය කැනඩාවේ ඉපිදි ඇති තැනැත්තියක් වන හෙයින් ඇයට කැනේඩියානු පුරවැසිභාවය හිමිව තිබීම හේතුවෙනි. ඇය මෙවර ඕස්ට්‍රේලියානු හරිත පක්ෂයෙන්  පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවට අනුව ද්විත්වපුරවැසිභාවය හිමිවූවන්ට ඕස්ට්‍රේලියානු මහජන නියෝජිතයින් විය නොහැක. එම පක්ෂයේම තවත් සෙනෙට් මන්ත්‍රීවරයකුවූ ස්කෝල්ට් ලුඩ්ලාම් ටද ද්විත්ව පුරවැසිභාවය නිසා සිය මන්ත්‍රීධුරයෙන්  ඉල්ලා අස්වීමට සිදුවුනි