தமிழ்
English
Contact
Saturday 17th February 2018    
මැතිවරණය දිනයේ ඡන්දය දෙන්න යන සියලු සේවකයන්ට නිවාඩු දීම අනිවාර්යයි - මැතිවරණ කොමිෂන් සභාව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණය දිනයේ ඡන්දය දෙන්න යන සියලු සේවකයන්ට නිවාඩු දීම අනිවාර්යයි – මැතිවරණ කොමිෂන් සභාව



මැතිවරණයකදී ඡන්දය දීමට හිමිකම් ඇති ස්වකීය සේවකයන්ට, නීත්‍යානුකූලව හිමිවන නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස රාජ්‍ය හා පෞද්ගලික යන දෙපාර්ශවයේ සියලුම හාම්පුතුන් හා අායතන හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2018 පෙබරවාරි 10 සෙනසුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00දක්වා පැවැත්වෙන අතර ඒදින සියලුම සේවා නියුක්තිකයන්ට ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු දීමට සියලු අායතන ප්‍රදානින් කටයුතු කල යකු ුවේ. මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වන අධිකාරිය) 84 අ වන වගන්තියේ විධිවිධාන යටතේ මැතිවරණ ෙකාමිෂන් සභාව විසින් ෙමම නිවේදනය නිකුත් කර අැත. යම් සේවා ස්ථානයක සිට ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යායුතු දුර ප්‍රමාණය අනුව කිලෝමීටර් 40ක් හෝ ඊට අඩුනම් දින භාගයක් ද, කිලෝමීටර් 40ත් 100ත් අතර නම් දින එකක්ද , කිලෝමීටර් 100ත් 150ත් අතර නම් දින 1 1/2ක් ද, කිලෝමීටර් 150ට වැඩිනම් දින දෙකක් ද වශයෙන් නිවාඩු හිමි වේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට යාම සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙකුටම වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බවත් එසේ දෙනු ලබන නිවාඩු කාල සීමාව, අනියම් සේවා නියුක්තකයින්ද, ඇතුළුව සියලු සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් සාධාරණ වියයුතු බවද ඒම නිවේදනය පවසයි. ඒපමණක් නොව ඒෙස් චන්දය ප්‍රකාශ කරන්නට ලබා ෙදන නිවාඩු සේවා නියුක්තිකයන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් නිදහස් වෙනත් වරප්‍රසාදයක් විය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.