தமிழ்
English
Contact
Thursday 14th December 2017    
පළාත්පාලන ආයතන 93ක මැතිවරණ සදහා නාමයෝජනා කැදවනවා ! – මහින්ද දේශප්‍රිය « Lanka Views | Views of the truth

පළාත්පාලන ආයතන 93ක මැතිවරණ සදහා නාමයෝජනා කැදවනවා ! – මහින්ද දේශප්‍රිය



දිවයින පුරා පළාත් පාලන ආයතන 93 ක් සඳහා පළාත් පාලන මැතිවරණ පැවැත්වීම පිණිස නාම යෝජනා බාර ගැනිමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා බාර ගැනීමට තිරණය කර ඇති බව අද මැතිවරණ කොමිසමේ පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය දැනුවත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. සීමා නීර්ණය ගැසට් පත්‍රයට එරෙහිව අභියාචානාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය නිසා බලපෑමක් ඇත්තේ පළාත් පාලන ආයතන 203 කට පමණක් බැවින් ආයතන 133 ක් සඳහා මැතිවරණය පැවැත්විය හැකි බවත් එහෙත් නිකුත් කළ ගැසට් නිවේදනයේ පවතින මුදුන දෝෂ නිසා පළාත් පාලන ආයතන 40 ක මැතිවරණය පැවැත්වීමේ බාධාවක් පවතින බවත් මැතිවරණ කොමිසම වෙනුවෙන් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතන 93 ක් සඳහා මැතිවරණය පැවැත්විමේ කිසිඳු බාධාවක් නොමැති නිසා නොවැම්බර් මස 27 වන දා සිට නාම යෝජනා බාර ගැනීම සඳහා තේරීම්භාර නිලධාරීන්ට දන්වා ඇති බව මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.