தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
වතුකම්කරුවෝ විශේෂ කාර්ය බලකායේ මර්දනයට ඒරෙහිව ගල්මුල් අතට ගනිති ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතුකම්කරුවෝ විශේෂ කාර්ය බලකායේ මර්දනයට ඒරෙහිව ගල්මුල් අතට ගනිති !



පස්සර එල්ටැබ්වත්තේ අනවසර මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසකට වතුකම්කරුවන් විසින් ගල්මුල් ප්‍රහාරයක් ඒල්ල කර අැති බව මාධය වාර්තා පළ කරයි.

පස්සර ආගරතැන්න පොලිසියේ නිලදාරින් සමග මමෙ වැටලීමට අායුද සන්නද්ධ විශේෂ කාර්ය බලකා සාමාජිකයන් සම්බන්ද වී අැත. ඒහිදී 40ක් පමණ සමන්විත වතු කම්කරුවන් පිරිසක් අතට හසුවූ ගල්මුල් වලින් පහරදීමෙන් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි. එල්ටැබ්වත්තේ නීතීවිරෝධී මත්පැන් නිපදවන තිප්පොළක් වැටලීමට ගිය අවස්ථාවේ හටගත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිසිය පරීක්ෂණ පවත්වන බවද වාර්තා විය.

වතුකම්කරුවන් යනු රුපියල් 550ක් වැනි ෙදෙනික වැටුපකින් ජීවත්වන පිරිසක් වන අතර ඔවුහු ජිවිතය ගෙවා දමන්නේ මත්පැන් හා මත්ද්‍රවය අාදියට අැබ්බැහි වෙමින් බව සමාජ සමීක්ෂකයන් පෙන්වා දී අැත. හරි හැටි නිවසක් නැති වතු ජනතාවට නිසි අධ්‍යාපනයක්, සෞඛ්‍ය පිළිවෙතක් පවත්වාගෙන යන්නට කිසිදු අයිතියක් හිමිකර දී නැත. ඒහෙත් වතු කම්කරු නායකයන් යැයි කියාගන්නා ඊනියා වෘත්තිය සමිති ප්‍රභූන් විසින් වතු ජනතාවගේ ඡන්දය සෑම මැතිවරණයකදීම ධනපති දේශපාලනයට පාවා දෙනු ලබයි. මත්පැන් වැටලීම වැනි හේතු දක්වමින් කම්කරුවන් මර්දනයට පමණක් පාලකයන් ක්‍රියාත්මක වන අතර ඔවුන් මත්පැන්වලට ගොදුරුකරවන ජීවන තත්වය වෙනස් කිරීමට කිසිදු පියවරක් ගෙන නැත. පාලකයන් විසින් ශිෂ්‍ය විරෝධය මර්දනයට, කම්කරු සටන් නිහඩ කිරීමට මෙන්ම විරුද්ධ මත දරනවුන් මර්දනයට විශේෂ කාර්ය බලකාය වැනි මර්දන සේනාංක විහිදුවන නමුත් පීඩිතයන් ඒ්වා ඉවසා සිටින්නේ නැත.

අවසානයේ පොලිසියට පහරදීම පිළිබද චෝදනා යටතේ වතු කම්කරුවන් සිරගත කරනු අැත. අැතැම් කමුකරුවකු සිරමැදිරියේදී අබිරහස් ෙලස මියයනු අැත. ඒය සියදිවි නසාගැනීමක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක මරණ සහතික ප්‍රකාශයන් පවා නිකුත් කරනු අැත. විෂම චක්‍රයෙන් වතු කම්කරුවා ගලවාගන්නට නම් ඔවුන් දේශපාලන දැනුවත්භාවයකින් සංවිධානය කිරිම හැර අන් මගක් නැත.