தமிழ்
English
Contact
Saturday 23rd December 2017    
චීන ණය ව්‍යාපෘති සම්බන්ධ එකගතා සදහා නියෝජිත පිරිසක් ලංකාවට පැමිණේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීන ණය ව්‍යාපෘති සම්බන්ධ එකගතා සදහා නියෝජිත පිරිසක් ලංකාවට පැමිණේ !



චීනයේ අපනයන ආනයන කටයුතු පිළිබද ප්‍රමුඛ බැංකුව ලෙස ප්‍රකට Exim බැංකුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ලංකාවේ සංචාරයකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එම බැංකුවේ සහන ණය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ලි ඩැන් ප්‍රමුඛ මෙම නියෝජිතයන් ලබන සතියේ මෙරටට ළගාවනු ඇත. ඉදිරියේදී චීන ණය ව්‍යෘපෘති ලෙස අධිවේගි මාර්ග, වාරිමාර්ග හා වෙනත් ගනුදෙනු සම්බන්ධයෙන් මෙම නියෝජිත පිරිස රාජ්‍ය නිලධාරින් සමග එකගතා ඇතිකරගනු ඇති බවට අපේක්ෂා පළ වේ. නොරොච්චෝලයි ගල් අගුරු විදුලි බලාගාරය, මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය ව්‍යාපෘති සදහා චීන ණය ලබාදීමේදී මැදිහත් වූයේ මෙම බැංකුවයි. කෙසේවෙතත් එම ව්‍යාපාති සදහා වැඩි පොළියට ණය ලබාගත් නිසා ජනතාව ණය බරක පටලවා කොමිස් ගසා කෑ බවට එවකට ආණ්ඩුවේ නායකයන්ට චෝදනා එල්ල විය.

පසුගිය රාජපක්ෂ පාලනය විසින් චීනය මුල් කරගෙන ආර්ථික සංවර්ධන ව්‍යාපෘති වශයෙන් සිදුකළ ගනුදෙනු ජනතාවගේ ජීවන පැවැත්ම සංවර්ධනය කිරිමට වඩා ආර්ථිකයට ප්‍රමුඛ නොවන සැලසුම් සදහා යොදාගත් බව මෙන්ම එයින් විශාල ණයබරක් ඇති වූ බව වත්මන් ආණ්ඩුවේ නායකයන් ගෙන ආ චෝදනාවක් විය. එහෙත් ඔවුන් මැතිවරණ වේදිකාවලදී දැඩි ලෙස විවචෙනය කළ චීනයේ ව්‍යාපෘති යළිත් ක්‍රියාවට නගමින් සිටී.