தமிழ்
English
Contact
Wednesday 11th April 2018    
1971 අප්‍රෙල් අරගලයේ පුරෝගාමින් විසින් අපට දුන්නෙ මගහරින්න බැරි දේශපාලන අත්දැකීම්. « Lanka Views | Views of the truth

1971 අප්‍රෙල් අරගලයේ පුරෝගාමින් විසින් අපට දුන්නෙ මගහරින්න බැරි දේශපාලන අත්දැකීම්.



1971 අපේ‍්‍රල් අරගලය සමරන්නට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ‘ශ්‍රේෂ්ඨ පරාජයක්- නොමියෙන අරමුණක්’ යන තේමාවෙන්, අපේ‍්‍රල් 5 වැනිදා සවස 3.00ට මහනුවර තැපැල් ශ‍්‍රවණාගාරයේදී සමරු වැඩසටහනක්නේ පවත්වන ලදී.

47 වසරකට පෙර කළ අරගලයේ අත්දැකීම් සිහිපත් කිරීම හා වීරත්වය අාදර්ශයට ගැනීම සදහා පෙ.ස.ප. ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක විසින් කළ සමරු දේශනයේ අදහස් ඇසුරින් සකස් කළ සටහනක් පහත පළ වේ.

“71 අරගලයට 47 වසරක් වන මේ වෙලාවේ අපි නැවත වාරයක් ගමන් කරමින් ඉන්නේ යහපත් තැනක නොවේ අප ඉදිරියේ ඉතාම සංකීර්ණ දේශපාලන වටපිටාවක් නිර්මාණය වෙමින් පවතිනවා. අපි කැමති වුණත් අකමැති වුණත් ඒ යථාර්ථය අනාවරණය වෙමින් තිබෙන වෙලාවක, අපි පාර්ලිමේන්තුවේ විවිධ විලම්බීත සංදර්ශන නරඹනවද? එහෙම නැත්නම් ඉන් පරිබාහිරව සැබෑ මහජන ව්‍යාපාරයක් ගොඩනගනවද නැද්ද? කියන අභියෝගය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපිට විතරක් නෙවේ, ලාංකීය සමාජයේ වැඩකරන ජනතාවට, ගොවීන්ට, කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට, තරුණයන්ට, මැදපාන්තිකයන්ට, බුද්ධිමතුන්ට කලාකරුවන්ට මේ සියලූ දෙනාට බලකරන යුගයක් නිර්මාණය කරමින් තිබෙන්නෙ. අපි 71 අරගලය ගැන නැවත නැවතත් කරන කියවා බැලීමත් මේ මොහොත සමග යෙදෙනවා.
ඒ නිසා ආදරණීය සහෝදරය සහෝදරිය,
ලංකාවේ සමාජය උඩුයටිකුරු කරපු පළමුවැනි නිර්ධන පාන්තික නැගිටීමට අපි හිස නමමින් ඒ ගැඹුරු මානව අත්දැකීම ගැන තවතවත් සාකච්ඡුා කළ යුතුයි. 71 ගැන ලියැවුණු ඉතිහාසය ගැන කියපු ගොඩාක් දෙනක්ට සමහරවිට 71 අරගලයේ නියමුවන් ලෙස හිටපු බොහෝ දෙනක්ට ඒ් කැරැුල්ලේ වටිනාකම විතරක් තමන් ළඟ තියාගෙන 71 අරගලය කැරැුල්ලකට ලඝු කරද්දී, ඔව් අපි කියනවා, ඒ්ක ගෞරවනීය කැරැුල්ලක් කියලා. ලාංකීය සමාජෙය් නිර්ධන පංතිකයන්ගේ සාමූහික අරමුණක් වෙනුවෙන් සිදුවුණු පළමු නැගිටීම. විමුක්තිය වෙනුවෙන් මානව නිදහස වෙනුවෙන් සිදු කළ පළමු නැගිටීම තමා 71 අරගලය. ඒ නිසාම එය ඉතාම ඓතිහාසික අත්දැකීමක්.
මේ 2018 අපේ‍්‍රල් වෙද්දී 71 අරගලය සිදුවෙලා අඩසියවසකට ආසන්න වෙමින් තිබෙනවා, මේ අවුරුද්ද වෙනකොට මාක්ස් සහෝදරය ඉපදිලා ශතවර්ෂ දෙකක් වෙනවා. පසුගිය වසරට 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් වුණා. සමහර වාමාංශිකයො කියනවා මේක නොනිමි සියවසක් කියලා. සියවස අවසන් නෑ, අපි අලූත් සියවසකට එකම කතාවක ගමන් කරන්නේ. දැන් මේ අලූත් සියවෙසත් දෙවැනි දශකය නිමා කරමින් තිබෙන්නේ. ඒ් දෙවැනි දශකය නිමාකරමින් තිබෙන කොට ලොකය පුරාමත් ධනවාදය තමන්ගේ නොහැකියාව නැවත නැවත නැවතත් පෙන්වමින් ඉන්නවා. සමහර මතවාද ලෝකයේ වාමාංශික මුහුණුවරින් කරලියට ආවා. විශේෂයෙන් වාමාංශික කදවුර බිඳවැටුනට පස්සෙ ආවා මතවාදයක් ‘පන්තිය ඉවරයි, කම්කරුවෙක් නෑ, අරගලයක් නෑ’ කියලා. හැබැයි ලොකයේ අලූත් සියවසේ දෙවන දශකය අවසන්වී ගෙන එනකොට ලොව පුරාම පෙන්වමින් තිබෙන්නේ, අමරිකාවේ වෙන්න පුළුවන් ජපානයේ වෙන්න පුලූවන් චීනයේ වෙන්න පුලූවන් ජපානයේ වෙන්න පුලූවන් යුරෝපයේ වෙන්න පුලූවන් හැමතැනකම කම්කරු පන්තියේ දැවැන්ත සාමූහික අරගල උත්සන්න වෙමින් තිබෙන්නේ. වෘත්තීය සමිති ව්‍යාපාර නැවත ශක්තිමත් වෙමින් තිබෙනවා. අරගලය ඉදිරියට එමින් තිබෙනවා. ඒ් වගේම ධනවාදය තමන්ගේ නොහැකියාව ඕනවටත් වඩා පෙන්වමින් ඉන්නවා. ඒ අතරතුර ඉතාම භයානක නැග්මක් ලෝකයේ නිර්මානය වෙමින් තිබෙනවා. පුටින්ලට, නැත්නම් චීනේ නායකයන්ට, ඒහෙම නැත්නම් ඒක්සත් ජනපද නායකයන්ට ඕන විදිහට ලෝකය තිබෙනවා. ඒ් විතරක් නෙවේ ලංකාවේ ඔහොමයි පාර්ලිමේන්තුව පිළිබඳ තිබුණු මිත්‍යාව අවසන්. පාර්ලිමේන්තුව තවදුරටත් අපේ රටේ මිනිස්සුන්ට, ශිෂ්‍යයන්ට, තරුණයන්ට, කම්කරුවන්ට, ගොවින්ට පීඩිතයන්ට පිළිතුරු ගෙන එන මණ්ඩපයක් නෙවෙයි කියලා දවස ගානේ ඔප්පු වෙමින් තිබෙනවා. ඒක ඊයේ රාත‍්‍රියේ අපි දැක්කේ. සතියක් දෙකක් පුරා අපි දැක්කේ. ඒක ඇතුලේ කවුරු දින්නත් මේ රටේ පීඩිතයන් පරාදයි. අපි අද මෙවැනි දේශපාලන වටපිටාවක තමයි 71 අරගලය ගැන කතාකරන්නේ.
71 අරගලය පිටුපස මහා දේශපාලන කතාවක් තිබෙනවා. දෙවන ලෝක යුද්දෙ ඉවර වෙලා හැරෙන්න වුණේ නෑ නැවත ධනවාදෙයේ අර්බූදය පැමිණෙනවා. මෙවැනි ලෝක තත්වයක් තුළ 1952දී ඩඞ්ලි සේනානායක කියනවා, ඊළඟ අයවැයට කලියෙන් මැතිවරණය පවත්වන්න කියලා. 53 අයවැයෙන් සියල්ල කප්පාදු කරන්න ගියාට පස්සේ මහ දැවැන්ත නැගිටීමක් ලංකාවේ සිදු වුණා. ඒ තමයි 1953 හර්තාලය. 53 හර්තාලය පාවා දී අවසන් වූවයින් පසුව ධනවාදය සමත් වුනේ නැහැ තමන්ගේ ජයග‍්‍රහණ ගේන්න හෝ අර්බුදය පියවගන්න. රටේ ප‍්‍රශ්නවලට උත්තර තිබුණේ නෑ. සහන දෙන්න පුළුවන් කමක් තිබුණේ නෑ. විරැුකියාවට උත්තර තිබුණේ නෑ. ඒ නිසා 60 දසකය ආරම්භ වෙන්නේ තව ප‍්‍රශ්න කන්දරාවක් ඉදිරියට ගෙනැල්ලා. හාල්සේරුව කපන්න වෙනවා. සහනාධාර කපනවා. මර්දන නීති ගේනවා. හදිසි නීතිය පනවනවා. කම්කරුවෝ දොට්ට දාන්න වෙනවා. මර්දන කි‍්‍රයාමාර්ග ගණනාවක් ගන්න වෙනවා. 1960 කියල කියන්නේ අවුරුද්දක් ඇතුලේ මහමැතිවරණ 2ක් ගෙනාව වසරක්. 60 මාර්තුවෙ ඡුන්දයක් පැවැත්වුණා. ඒත් ආණ්ඩුව ගෙනියන්න බෑ. ඊළඟට ජූලිවල ඡුන්දයන් පැවැත්වුණා. හවුල් ආණ්ඩුවත් හැදුවා. ඒ් ආණ්ඩුවටත් ලොකු හයියක් තිබුණේ නෑ. ඒ නිසා ඒ ආණ්ඩුවට විරුද්ධව ලංකාවේ පළමුවන හමුදා කුමන්ත‍්‍රණය දියත් වුණා. නමුත් එය උපන් ගෙයිම මර්දනය කරන්න ආණ්ඩුව සමත් වුණා. අයවැය සම්මත කරගැනීමට නොහැකිව මුදල් ඇමතිවරුන්ට ඉල්ලා අස්වීමට සිදුවුණාා.
මේ සියල්ල හමුවේ ලාංකාවේ කම්කරු ව්‍යාපාරය දැවැන්ත පිම්මක් පනිනවා. කම්කරුවන් මර්දනය කරන්න අනපණත් ගෙනාවා. හදිසි නිතිය පනවා කම්කරුවන් මර්දනය කළා. වැඩවර්ජන එකපිට එක සිදුවුණා. වරාය වැඩවර්ජන වගේම විවිධ තැන්වල කම්කරු වැඩවර්ජන ඇති වුණා. කම්කරුවන් අතර ආවා විශේෂ ඉල්ලීමක්. 1935 ආරම්භ වුණු වමේ ව්‍යාපාර මේ වෙද්දි බෙදීම් ගණනාවකට ලක්වෙලා තිබුණේ. ප‍්‍රධාන ධාරාවේ වාමාංශික පක්ෂ 3ක් තිබුණා. පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය කියන පක්ෂ තුන. මේවාට ආව බලකිරීම නිසා 53 හර්තාලෙන් අවුරුදු 10ට පස්සේ හර්තාල් දිනේදී ‘වාමාංශික එක්සත් පෙරමුණ’ නමින් පක්ෂ 3 එකතු කෙරුණා. මේ එකතුව ඒ වේලාවේ වාමාංශිිකයන්ට ඉතා දැවැන්ත විශ්වාසයක් හදන්න සමත් වනවා. පළමුවැනි වතාවට පක්ෂ 3ම එකතුවෙලා රැුලි පැවැත්වූවා. ඒකාබද්ධ මැයි දින කළා. මේ සියල්ලත් එක්ක ඉල්ලීම් 21ක යොජනාවක් එලියට එනවා. 63, 64 වගේ අවුරුදු කියන්නේ නැවත වතාවක් ලංකාවේ කම්කරුවෝ වෘත්තීය සමිති, වාමාංශික පක්ෂ සහ තවත් විප්ලවවාදීන් එකට එකතු වෙච්ච. එකට අරගල කරන කාල වකවානුවක්. ඉන්පසුව ඒකාබද්ධ වෘත්තීය සමිත් බල මණ්ඩලයක් හදනවා 1964දී. මේ ඉල්ලීම් 21 ව්‍යාපාරය ඉදිරියට අරන් යන්න. සියලූ වෘත්තිය සමිති එකතු වෙලා රාජ්‍ය අංශයේ වැවිලි කේෂත‍්‍රයේ පුද්ගලික අංශයේ ලිපිකරු රැුකියා වල හිටපු සියලූම දෙනා එකතුවෙලා හදනවා දැවැන්ත ඒකාබද්ද වෘතිය සමිති බලමණ්ඩලයක්. මර්දනය ගෙන ඒමට නොහැකිව දුර්වල වී සිටි ආණ්ඩුව ද්වීපාර්ශවික සාකච්ඡුා යෝජනා කළා. 63 වාමාශික එක්සත් පෙරමුණ හදද්දී පිලිප් ගුණවර්ධන අරි අපූරු කතාවක් කිව්වා. පිලිප් ගුණවර්ධන කියනවා ‘අපි මේ එකතුවෙලා තිබෙන පක්ෂ 3 කින් එකක් නෙවේ, මේක කොන්කි‍්‍රට් එකක්. වැලි කලූගල් සමසමාජ පක්ෂය, සිමෙන්ති මහජන එක්සත්පෙරමුණ වැලි කොමියුනිස්ට් පක්ෂයේ ගලූයි එකට එකතු කරල හදල තියෙන්නේ. මෙක සක්කරයටවත් කඩන්න බෑ’ කියලා මහ දැවැන්ත සහතිකයක් දුන්නා. අවුරුද්දක් ගියේ නැ සිරිමාවෝ බණ්ඩාරනායක සාකච්ඡුාවට එන්න කියද්දී මේ ගොල්ලෝ සාකච්ඡුාවට යනවා. පිලිප් ගුණවර්ධනගේ කොන්දේසිවලට සිරිමාවො එකගවෙන්නේ නෑ. සමසමාජෙ එන්. එම් පෙරේලලා මුදල් ඇමතිකමටයි නියෝජ්‍ය ඇමතිකම් 2කටයි සමසමාජ පක්ෂය ඒකට කැමති වුණා. ඔන්න ඔය විදියට ඉල්ලීම් 21 ව්‍යාපාරය ඉවරයි. වාමාංශික පක්ෂවල සමගිය ඉවරයි. වාමාංශිකයන්ගේ බලාපොරොත්තු ඉවරයි. ඒක තමයි කම්කරු පන්තියට කම්කරු නායකයින් එදා ගෙනාව විශ්වාසභංගය. බරපතලම පාවාදීමක්. ලෝකය පුරාම වාමාංශිකයෝ සටන්වදින වෙලාවක් ඒක. කව්ද සටන් නොකර හිටියේ කියන්න බෑ. ඉන්දියාවේ පාකිස්ථානයේ ඉන්දුනීසියාවේ මැලේසියාවේ මුලූ ලතින් අමරිකාවේම අපිකාවේ ජාතික විමුක්ති අරගල හෝ වාමාංශික අරගල වියට්නාමේ ලොව පුරා වාමාංශිකයෝ තමන්ගේ ජයග‍්‍රහණ වෙනුවෙන් තමන්ගේ ජනතාවත් එක්ක සටන්වදින වෙලවක්. එක්කෝ ඒ අය සිටියේ සටන්බිම්වල කැලෑවල හිරගෙවල්වල වැඩබිම්වල සටන් වදිමින් හිටියේ ලංකාවේ වාමාංශිකයෝ මොකද කළේ? ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ නායකයෝ කම්කරුවෝ සංවිධානය කරල පාරට ගෙනල්ලා ඔක්කොම එකට එකතු කරලා. කැටිකරලා. පස්සා දොරෙන් යනවා සිරිමාත් එක්ක ඇමතිකම් එකකකටයි බාගදෙකකකටයි ආණ්ඩුවට සටන් කරන්න ඕන වෙලාවක ජයග‍්‍රහණ වෙනුවෙන් අරගල කරන්න ඕන වෙලාවක ධනපති පන්තිය පස්සට ගිහිල්ලා බිත්තියට හිරවෙලා තියන වෙලාවක කම්කරු පන්තිය අතඇරල කම්කරු පන්තියේ ඒ වෙලාවේ හිටපු නායකයෝ ගන්න පියවර ඒක. මේ සිදුවීමත් එක්ක සමසමාජෙ මහ දෙදරීමක් එනවා. විවිධ පිල් බෙදීම් එනවා. එඞ්මන් සමරක්කොඩිලා කරාලසිංගම්ලා බාලා තම්පොලා සමසමාජෙන් එලියට ආවා. සාකච්ජා කළා, මොකද්ද ඉදිරියට කරන්නේ කියලා. නමුත් ඒ අයටත් හරි අගක් මුලක් තිබුණේ නෑ. එ් නිසා මේ වෙද්දී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ලොකු කඩාවැටීමක් සිදු වුණා.
ඒ වගේම මේ අසන්නයේදීම තමා චීනය සහ සෝවියට් දේශය අතර බෙදීම ඇතිවෙන්නෙත්. මේකත් ලොකු බෙදුම් රේඛාවක්. කවුද හරි, කොතැනද නිවැරදි? මාක්ස්වාදය තියෙන්නෙ කොහෙද? කොතැනද නිවැරදි පන්ති අරගලය තියෙන්නේ. කොතැනද සංශෝධනවාදය තියෙන්නේ. කොතැනද නිවැරදි මාක්ස්-ලෙනින්වාදය තියෙන්නේ. මේ විවාදේ අස්සේ ලෝකෙම කොමියුනිස්ට් පක්ෂ බෙදෙනවා වමේ ව්‍යාපාර බෙදෙනවා ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් බෙදෙනවා, මොස්කව් පිල සහ චීන පිල විදිහට. මේ විදිහට බෙදුම් රේඛාවක් එනවා. ඔය බෙදුම් රේඛා ආවට පස්සේ අපේ සමාජයට අභියෝගයක්. බෙදුම් රේඛා ආවට පස්සේ විමුක්ති දේශපාලනයෙ මාවත මොකක්ද? මේකට විවිධ වාද විවාද ආවා. සමහරු පාර්ලිමේන්තුව විස්වාස කරමින් යෝජනා ගෙනාවා කොමියුනිස්ට් පක්ෂය වලේ එකක් සමසමාජයේ ඉතිරි වෙච්චි සමහර අය නැවත නැවත පාර්ලිමේන්තුවත් එක්ක පටලනවා. තවත් සංවිධාන ගොඩනැගෙන්න පටන්ගත්තා. ඊට වඩා වෙනස් ආකාර වලට. බාල තම්පොලා මැදිහත්වීමෙන් හදන ලංකා වෙළඳ සේවක සංගමය දේශපාලක පක්ෂ අවශ්‍ය. නොවන බවට තීරණය කරනවා. එවකට රෝහණ සහෝදරයා සෝවියට් දේශයේ ඉදලා ලංකාවට ආවා. ආයි යන්න බැරිවෙද්දී චීන කොමියුනිස්ට් පිලේ් පූර්ණකාලීන දේශපාලනය ආවා. චීන පිලෙන් කැඩිලා ගිය කණ්ඩායමක් උතුරේ මාඕවාදී පක්ෂයක් ලෙස දේශපාලනය අරනවා. ගිනිපුපුර, පෙරදිග සුළං, මේ විදිහට විවධ ධාරාවන්ට බෙදිලා යන්න පටන් ගත්තා. ලංකා සමසමාජ පක්ෂයෙන් කැඩිච්ච කොටස් විවිධ බෙදුම් රේඛාවල ඇවිත් 1968 දී විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂය හැදුවා. ඒ වෙලාවේ ඒක ප‍්‍රසිද්ධ වුනේ ‘කම්කරු මාවත’ කියල. මේ විදිහට ධාරාවන් ගණනාවක් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුළ ගොඩනැගෙන්න ගත්තා. සමහර ඒවා වෘත්තීය සමිතිවාදයට පල්ලම් බැස්සා. සමහර අය නැවත පාර්ලිමේන්තුවාදයට පල්ලම් බැස්සා. ඒ අතර වාරයේ මූලකඳවුරු න්‍යය, විශේෂයෙන් ලතින් අමරිකානු කලාපයෙන් ආව චීනයෙන් ආභාෂය ලැබූ ගරිල්ලා සටන්. නැත්නම් ක්ෂණික ප‍්‍රහාරයකින් බලය අල්ලන්න පුලූවන් කියන විශ්වාසයන්. ලංකාවේ වාමාංශික හිත් ඇතුලේ වාමාංශික තරුණයන් අතරේ වාමාංශික අරගලකරුවන් අතර වෘත්තීය විප්ලවකරුවක් අතර අලූත් දේශපාලන සංවාදයක් ගොඩනැගෙන්න පටන් ගත්තා.
වාමාංශිකයන් මුහුණ දෙන ඇත්ත ප‍්‍රශ්නය එදත් එහෙම තමයි. න්‍යාය කොහොමද ව්‍යවහාරයට නැගෙන්නේ කියලා ඒ ප‍්‍රශ්නේ අහන හැමවෙලාවකම තියන උත්තරේ තමයි ඒක භාවිතාවත් එක්ක සම්න්ධයි. මේ ප‍්‍රශ්නෙට 60 දශකයේ කම්කරුවන් මුහුණ දුන්නා අදත් අපි මුහුණ දෙනවා. 71 අරගලය අපට එනකොට එහි පැහැදිලි වවේචනාත්මක පැති ගොඩක් තිබෙනවා. අපි දන්නවා එයට කම්කරු ජනතාව අතර පදනම් වෙන්න බැරි වුණා. උතුරේ පීඩිතයා මග හැරුණා. එහි යම් ජාතිකවාදී හැඩයක් තිබුණා. මේ විදිහේ බොහෝ අඩුපාඩු විවේචන තියෙනවා. සමහරු විජේවීර සහොදරයගේ තොප්පිය ගැන රැුවුල ගැන දත් බොල්ලෑව ගැන වයස ගැන ලූමුම්බා කතා ගැන කතා කරනවාx එවා නෙවේ ප‍්‍රශ්න තිබෙන්නේ. කොහොමද ඔවුන් මේ පණිවිඩය අරන් ගිහිල්ලා මහ දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනැගුවේ. මේ යතුර කොහොමද හොයාගන්නේ. අපි මුහුණ දෙන ප‍්‍රශ්ණය. ඔන්න ඔතනදී ඉතිහාසයේ බොහෝ දෙනෙක්ට මග ඇරිල ගිය තැන් විශේෂයෙන් විජේවීර සහෝදරයට හම්බවෙනවා.
එතෙක් කාලයක් ලංකාවේ දේශපාලනයේදී ඉතිහාය පුරාම පීඩාවට පත්වෙලා හිටපු ගර්හාවට ළක්වෙලා හිටපු සමහර වෙලාවට ගමේ මුදලාලිගෙන් ඉඩම් හිමියන්ගෙන් නැත්නම් රදල ආකාරයෙන් වැඩකරපු අයගෙන් පොලීසියෙන් නිලධාරි පන්තියෙන් හැමතැනකින්ම බැටකාලා. හිටපු මිනිස්සු ඔහු හොයාගෙන යනවාx කව්ද ඒ එතෙක් දේශපාලනය ගැන විප්ලවය ගැන සමාජවාදය ගැන එහෙම නැත්නම විමුක්තිය ගැන මානව නිදහස ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කිසිවක් නොදන්නා තරුණයන් අතරට ඔහු ගියා. පැයගණන් වරාය ගාව කම්කරුවෙක් හම්බෙන්න ගිහල්ලා කතා කරලා පැය ගණන් කියලත් බැරිවෙද්දි ආයෙ ගිහිල්ලා නැවත නැවත කියලත් බැරි වෙද්දි සමහර අය කියනවා කම්කරු ව්‍යාපාරය ගොඩනගන්න උත්සාහ කළේ නෑ කියල නෑ. ඒක එහෙම නෙවේ පක්ෂය ගොඩනගන පළමු සාකච්ඡුාවේ ඉන්න දෙල්ගොඩ රාජත් වරාය කම්කරුවෙක් සිරිපාල අයිය ලංගම රියැදුරෙක් එහෙම එකතු වෙච්ච පරම්පරාවකුත් ඉන්නවා. නමුත් දැවැන්ත කම්කරු ව්‍යාපාරයක් බවට පත්කරන්න බැරිවුණා. ඒතරමට එවකට කම්කරුවන් අතර මුල්බැහැගෙන තිබුණු සංශෝධනවාදය ප‍්‍රතිසංස්කරණවාදය තවමත් ඇන්.ඇම්ලට තිබුණු කොල්වින්ලට තිබුණු ගැතිකම මේ සියල්ල විසින් අපි අසමත් වුණා කම්කරු ව්‍යාපාරය අතර පදනම් වෙන්න. නමුත් එයට විලෝමය විදිහට එතෙක් කිසිවෙකුට සංවිධානය කරන්න බැරිවෙච්ච මහ දැවැන්ත බලවේගයක් අතර ව්‍යාපාරයක් පටන් ගත්තා. හම්බන්තොට වෙන්න පුලූවන් අම්පාර වෙන්න පුලූවන් කහටගස්දිගිලිය වෙන්න පුලූවන් අනුරධපුරේදී එතෙක් කාලයක් ලංකාවේ කිසිම වාමාංශිකයෙක් ධනේශ්වර දේශපාලනඥයෙක් නොගිය ගම්බිම් කරා සාමාන්‍යයෙන් කියන්නේ තාර කට්ටෙන් එහාට රෝහණ සහෝදරය අඩිය තියන්න පටන් ගත්තා. එහිදී හමුවූවන් සමහරු තරුණයත් සමහරු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමහරු ධනේෂ්වර අධ්‍යපනය ගැන කිසිවක් නොලැබුණූ අය ඔවුන් සිටියෙ දරිද්‍රතාවයේ පහළම අඩියේ. 89දී පවා ඔවුන්ගෙන් සමහරු කියවන ලියන හැකියාව පවා අත්පත කරගත්තේ පක්ෂයේ අධ්‍යාපනයෙන්. නැත්නම් හිරගෙවල්වලින්. එලෙස පීඩාවෙන් පීඩාවාට පත් වී සිටි විවිධ කොටස් සමග අලූත් දේශපාලන කතාවක් ආරම්භ කළා.
මානව නිදහස කියන්නේ මෙහෙම එකක් අපි ඉස්සරහා තියලා තියෙන ඓතිහාසික වගකීම මෙහෙම එකක් ලොකේ මිනිස්සු අරගල කරන්නේ මෙහෙම වියට්නාම් අරගල ගැන ඉන්දුනීසියාවේ පරාජයන් ඉන්දුනීසියාවේ මර්දනය ගැන ගැන ලෙනින් ගැන මාක්ස් ගැන කොමියුනිස්ට් ප‍්‍රකාශන ගැන ප‍්‍රග්ධනය ගැන විශාල සාකච්ඡුාවක් රැුගෙන යනවා. එයට මුලපිරුවේ පන්ති 5න් මේ සඳහා අලූත්ම සාකච්ඡුා පෙලක් හැදුවා. පහුගිය කාලයකදී රෝහණ සහෝදරයා ‘අත්දැකීම් කිහිපයක්’ කියන පොතේ සටහන් කළා, පන්ති පහෙන් ‘මාක්ස් ලෙනින්වාදය’ උගන්වන්න බෑ කියලා. නමුත් මාක්ස් ලෙනින්වාදය දෙසට ගමන් කිරීමට අවශ්‍ය දැනුම සරලව දෙන්න පුලූවන් වුණා. මෙය සාර්ථක අධ්‍යාපනයක වුණා කියල ඔහු කියනවා. න්‍යායික සංවාදය භාවිතයට ගෙන එමින් එය ජීවිතත් එක්ක සම්බන්ධ කරමින් රෝහණ සංහාරය සමත් වෙනව නව ව්‍යාපාරයක් ගොඩනගන්න.
එහි සම්පූර්ණ කළ ප‍්‍රධානම සාධකය තමයි වෘත්තිය විප්ලවාදියා. වෘත්තිය විප්ලවවාදියා කියන කතාව අහලවත් නැති එකක්. දැන් මෙතන ඉන්නවා රංජිත් සහෝදරයා රංජිත් සහෝදරය අධ්‍යාපන කඳවුරට යද්දි යාන්තමට අධ්‍යපන පන්ති ඉවර කළ නවකයෙක් රෝහණ සහෝදරය අධ්‍යාපන කඳවුර ඉවර වුණාම අහන දේ තමයි. ‘කවුද ෆුල්ටයිම් එන්නේ?’ කියලා ෆුල්ටයිම් කියන්නේ මොකද්ද කියල රංජිත් සහෝදරය දන්නේ නෑ. සහෝදරය ළඟ හිටපු සගයගෙගෙන් හිමීට කිට්ටු කරල ඇහුවා ‘සහොදරයා, ෆුල්ටයිම් කියන්නේ මොකද්ද?’ කියලා. ළඟ හිටපු සහෝදරයා කිව්වා මේ ඉල්ලන්නේ පක්ෂයේ පූර්ණකාලීනව වැඩකරන්න පුලූවන්ද කියල. ඒක අහලා සහොදරය අත ඉස්සුවා. එතන හැදෙන සම්ප‍්‍රදාය වෙන්නෙ, අධ්‍යාපන කඳවුරෙන් පස්සේ පූර්ණකාලිකයෙක් වෙලා පක්ෂය තීරණය කරන තැනකට අපි යනවා. ඔයා යන්න ඕන දඹුල්ලට, ඔයා යන්න ඕන හම්බන්තොටට ඔයා යන්න ඕන අම්පාරට එහෙම තමයි පූර්ණකාලීන සහොදරවරු ගියේ. සම්බන්ධකම් තිබුණේ නෑ. මැත කාලේ අපේ ලලිත් සහෝදරය යාපනේට ගියා වගේ යාපනේට යද්දි අපිට අර කිලිනොච්චියේ ජෙගනාදන් සහෝදරයා නැත්නම් වන්නියේ අහවල් සහෝදරය කියල දෙන්න අපට සම්බන්ධක්ම් තිබුනේ නෑ. ඒ වෙලාවේ ඒ නයින් පාර තිබුණෙත් නෑ. ලලිත් සහෝදරය නැවේ ගිහිල්ල යාපනේට ගොඩබැහැලා යාපනේ මිනිස්සුත් එක්ක ජීවත්වෙලා යාපනේ මිනිස්සුත් එක්ක සම්බන්ධකම් හදාගත්ත. එතකොට 71 තිබුනේ වැනි අත්දැකීමක්. ඒ නිසා යනකොට බස් එකට කීයක් හරි දෙන්න පවා තිබුණෙ නෑ. නැත්නම් අහවල් එක්කෙනා ගිහිල්ලා හම්බවෙන්න කියලා කෙනෙක් හිටියතේ නෑ. මෙන්න ඔයාට බයිසිකලේ, අරන් යන්න කියලා දෙන්න දේවල් තිබුණෙ නෑ. තනියම යන්න වෙන්නෙ, වාහන මොකක්වත් තිබුණේ නෑ. යන්න තියෙන්නේ පයින්. එක්කො බස් එකේ.
මේ ළඟදි පරණ සහෝදරයෙක් මුණ ගැහුණා. ඔහු කිව්ව ඒයාගේ තාත්තට 71ට කලින් අනුරාධපුරෙදී සහෝදරවරු කීපදෙනෙක් හමුවුණාලූ. නමුත් ඒ සහොදරවරුන්ට මොකද වුණේ කියල ඔහු දන්නෙත් නෑ. ඒ සහෝදරවරුත් එක්ක කතා කරද්දි තාත්තට දැණුනලූ ඒ අය මාක්ස්වාදය ගැන ලොක දේශපාලනය ගැන මර්දනය ගැන නීති ගැන අරගලය ගැන එයා නොදන්න ගොඩක් දේවල් ගැන කතා කළාලූ. ඒ අය ගොඩක් පැතිවලින් ඉස්සරහට ආව මිනිස්සු, හිතන මිනිස්සු තේරෙන මිනිස්සු කියලා කිව්වා. ඉතා දුෂ්කර තත්වයන් යටතේ රහසිගතව කැලෑවල වෙන්න පුලූවන් කුඩා කාමරයක වෙන්න පුලූවන් ජලය ස්වල්පයක් තිබෙන යන්තම් අලගෙඩියක් වට්ටක්ක ගෙඩියක් තම්බලා වෙන්න පුලූවන් කරපු අධ්‍යපාපන වැඩ අධ්‍යාපන කදවුරු විවිධාකාර දේශපාලන සංවාද හරහා මාක්ස් ලෙනින්වාදියෙක් විප්ලවවාදියෙක් ගොඩනැගෙන්න අවශ්‍ය කරන මූලික පදනම ගොඩනගනවා. ඉතාම කෙටි කාලයක් ඇතුලත සහෝදරවරු විශාල පිරිසක් ගොඩනගන්න සමත් වුණා.
අපි හිතනවා 71 ටත් වඩා ඉතා පලල් අභියෝගයක් අපිට තිබෙනවා. හැම දෙයක් ගැනම පැතිරිච්ච දැනුමක් තිබෙන පැතිරිච්ච අවබෝධය තිබෙන මිනිහෙක් සිතීමේ පළල්කමක් තිබුණ විප්ලවවාදියෙක් ඕනම තැනකට ගිහිල්ල ගැලපෙන්න පුලූවන් සහෝදරයෙක් සහෝදරියක් මිනිස්කම තිබෙන කෙනෙක් අපිට අවශ්‍යයි. ඒ අත්දැකීමේද ඉතාම ගැඹුරින් සත්භාවයෙන් අපිට ගෙනාව පුරෝගාමින් තමයි 71 අරගලයේ පරම්පරාව. ඉතිහාසයෙ වෙනස් කරන්න හදන කිසිම සංවිධානයකට 71 අරගලය මගඇර යන්න බෑ. 71 අරගලයේ ඔවුන්ට නායකයෝ හිටියෙ නෑ. ඔවුන්ම නායකයෝ වුණා. මෙම අරගලයේදී පළමු වතාවට සමාජිකයන් නායකයො වුණා. 71 අරගලය විසින් ඔවුන් දැවැන්ත වීරයන් බවට පත් කළා. 71 අරගලයේ ඉදල ජීවමානව මුලූ කතාවෙම අරගන ආපු නන්දතිලක ගලප්පත්ති සහෝදරයා, කලූ අයියා මේ සියලූදෙනා සහ අපේ අතර පරතරයක් තිබුණේ නෑ. ඒ නිසා බෙදුම් රේඛා තිබුණේ නෑ. හැමෝම එතන වැඩකරන සම්ප‍්‍රදායක් තිබුණා. මහ දැවැන්ත සාමූහිකත්වයක් තිබුණා. සහෝදරත්වයක් තිබුණා. අපිට ඒවා වලදාන්න බැරි මගහරින්න බැරි දේශපාලන අත්දැකීම්. නැවත නැවත වැළඳගන්න ඕන අත්දැකීම්.
යාපනේ ඉදගෙන ජෙයපාලන් කවියක් ලිව්වා 71 අරගලය ගැන. ‘71 වසන්තය’ කියල එයා කියනවා උතුරේ වගේම දකුණේත් හරිම සරුසාර පොලවක් තියනවා, නිහැඩියාවෙන් පිරිල තිබුණා. ඒ නිහැඬියාව බිඳගෙන සහෝදරත්වයේ අවි එසවුණා. එැබැයි එක ජයග‍්‍රහණයෙන් කෙලවර කරන්න බැරි වුණා. පරාජට පත් වුණා. නන්දා මාලිනීගෙ ගීතයක තිියෙනවා ‘පිලිම නෙලා නැති වරුවන් පිරසක්’ කියලා. පිළිම නෙලා නෑ තමා ඔවුන් සදාකාලිකයි. විමුක්ති අරගලයේ සදාතනික විරුවන්. ඔවුන් පොලවට බැස්ස විදිහ ගැන අපි හිතනවා මගඅරින්න බැරි දේශපාලන කතාවක් අපිට තියෙනවා. ඒක අපි කොහොමද වැළඳගන්නේ. අපි මේවා කොයිතරම් ගැඹුරින් දවස් ගණනක් කතාකරයි. හැබැයි මේ විමුක්ති දෙශපාලන කතාව මේ මරන්න බැරි යටගහන්න බැරි අතහරින්න බැරි නැවත නැවතත් වැළඳගත යුතු දේශපාලන අත්දැකීම අපි කොහොමද ගන්නේ? මේ වෙලාවේ සාකච්ඡුාව වැදගත් වෙන්නෙ ඒ නිසායි.
65 ආරම්භ වන පක්ෂයක් 71 වෙද්දි දැවැන්ත පක්ෂයක් වෙන්නේ කොහොමද? රංජිත් සහෝදරයා 70 මුල තිස්සමහාරායට යනකොට පකෂෙට සබඳතා තිබුණේ තුත්දෙනයි. 71 අරගලය වෙද්දි මේක තුන්සිය ගණනකට එසවෙනවා. එකට හෙතුව තමයි ඒ වෙලාවේ තිබුණු දේශපාලන උත්සන්නිය ඒ වගේම අපේ දේශපාලන මැදිහත්වීම.
පුරාණ ග‍්‍රීසියේ ස්පාටාවරුන් ගැන සහෝදරවරු අහලා ඇතිx ස්පාටාවරුන් කියල කියන්කේ කි‍්‍ර.පූ. 4වැනි 5වැනි සියවස්වල ගී‍්‍රසියේ බලවත්වෙලා හිටපු නගර රාජ්‍ය වැසියන්. ඔවුන් යටත්කරගන හිටපු ප‍්‍රදේශ වලින් තමයි ස්පාටා නගරවලට අවශ්‍ය ධාන්‍ය ඇතුලූ විවිධ දේවල් සපයා ගත්තෙ. ඔවුනගේ සිරිතක් තිබුනා මේ ප‍්‍රදේශවල ඇවිත් තොරගත්ත අයව පැහැර ගෙන ගිහිල්ලා මරල දැමුවා. ස්පාටාපරුන් මෙම යටත් ප‍්‍රදේශවල දේපළ කොල්ලකනවා. මේ විදිහට ගතවේද්දී එක වෙලාවක මේ විවිධ හිරිහැර වලට ලක්වූවන්ගේ ප‍්‍රදේශයට අන්ධ මහල්ලෙක් එනවා. එයාගේ අතේ වාදන භාණ්ඩයක් තියෙනවා. ප‍්‍රවේණිදාසයන් ඉන්න ගමට එනකොට ප‍්‍රවේනිදාසයන් ඔහුව ගණන් ගත්තෙත් නෑ. ඒ ගමේදි අවුරුදු 14ක විතර තරුණයෙක් මහලූ අන්ධයව දැකල කතා කරනවා. මහල්ලගේ තුවාල දැකල ඔහුගේ වෙහෙස දැකල තරුණයා ඔහුව තමන්ගෙ නිවසට කැඳවාගෙන යනව. එක්කගන ගියාට පස්සේ මේ දෙන්නා අතරේ කතාබහක් ඇති වෙනවා. තරුනණා කියනවා මම ප‍්‍රවේණිදාසයෙක් සපාටාවරුන්ගේ කරදර තියනවා කියලා. ඒත් මහල්ලා නිශ්ශබ්දව ඉන්නවා. එයාට ක්න්න බොන්න ලැබුණට පස්සේ මහල්ලා පටන් ගන්නවා සංගීතය වයමින් සින්දු කියන්න. එක එක සින්දු කියනවා. මේ සද්දේ ඇහිලා ගමේ මිනස්සු එක්න් එකා මෙතනට එකතුවෙන්න ගන්නවා. අන්තිමට සින්දුවලින් ඇහෙන්නේ මේ ප‍්‍රවේනිදාසයන්ගේ ඉතිහාසය ගැන. එයින් කියවෙන්නේ ග‍්‍රීසියේ පාලකයක් දියත් කරපු මර්දනය ගැන. සූරාකෑම ගැන. ඔහු ගීතයෙන් අලූත් සාකච්ඡුාවක් ගේනවා. ටික වෙලාවක් යද්දි මේ ප‍්‍රවේනිදාසයන්ට හිතෙනවා මේ අපි ගැන තමා කියන්නේ කියලා. එතකොට ඒ ගොල්ලෝ එක එක ප‍්‍රශ්න අහන්න පටන් ගන්නවා ඔය කියන විදිහට විශාල රාජ්‍යයක අපි ජීවත් වුනා කියන එක ඇත්තද? ඒක කොහොමද වෙන්නේ? එතකොට මහල්ලා උ.්.ර දෙනවා, ‘මම නම් මහල්ලෙක්. මම අන්ධයි. ලොකේ දැකල නෑ. ඔබ වගා කරද්දී දැකල තියනවාද පරණ වලන් කෑලි. ඔබට හම්බවෙනවා කෞතුකවස්තු.’ ඒ වෙලාවෙ ඔවුන් කියනවා ‘ඔව් අපිට හම්බ වෙලා තියනවා එත් අපි ඒවා කියන්න යන්නේ නෑ, ස්පාටාවරු දැනගත්තොත් අපිව මරණවා.’ ඒ වෙලාවෙ මහල්ලා කියන්නෙ ‘ඒ තමා පැරණි නගරය ඔබ ජීවත් වුනු පැරණි නගරය. ස්පාටාවරුන් බොහෝ කාලයකට කලින් ඒක විනාශ කරල තිබෙන්නේ.’ මේ කතාවෙන් පස්සේ ප‍්‍රවේනිදාසයන්ට එනව විස්වාසයක්. සපාටාවරුන්ගේ මර්දනයට විරුද්ධව නැගීසිටින්න.
ස්පාටාවරුන්ගේ මර්දනයට යට වූ ගමකට ගිහිල්ලා අන්ධ මහල්ලෙක් ගීත කියමින් විමුක්ති දේශපාලනයක යෙදෙනවා. රෝහණ සහොදරය හැට ගණන්වල මේක වෙන විදිහකට කළා. එයා ‘ප‍්‍රාග්ධනය’ පොත අරගෙන යන්නේ නැතුව පන්ති 5 අරගෙන ගියා. ළඟටම ගිහින් මේ සාකච්ඡුාව ගත්ත. ගමේදී අපිට මූනට මූණ මුනගැහෙනවා අපිම දන්න සහේදරයෙක්. ඒකයි අපි කිව්වේ එයා සහෝදරයෙක් මිසක් නායකයෙක් නෙවේ. ඒ වගේම එයා නායකයෙකුත් තමා. මොකද එයා අපි නොදන්න කතාවක් කියනවා. 1971 අරගලයේ සිදුවුනේ ඒක. තමන් ගැන තමන්ගෙ ශක්තිය ගැන නිවැරදි මාවත ගැන නොදැන හිටිය සමාජයකට මාර්ගයක් සහ සටන් කරන්න ධෛර්යයක් හිමිකර දුන්න ඔවුන් අපේ පුරෝගාමීන්.”