தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
අවුරුදු දෙකක් තිස්සේ මුනිවත රැකපු මෛත්‍රී දැන් නැගිටලා, මේ ඔක්කොම ජනතාව රවට්ටන්නයි - කුමාර් ගුණරත්නම් කියයි. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අවුරුදු දෙකක් තිස්සේ මුනිවත රැකපු මෛත්‍රී දැන් නැගිටලා, මේ ඔක්කොම ජනතාව රවට්ටන්නයි – කුමාර් ගුණරත්නම් කියයි.



ඊයේ (25) හිගුරක්ගොඩ පැවති ප්‍රචාරක රැලිය අමතමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කළේ  මේ මැතිවරණ ව්‍යාපාරය තුල කරන දේශපලන රැවටීම් ගැන ජනතාව දැනුවවත් කිරීම තම වගකීමක් බවත්, ඒ සදහා වෙනත් මැතිවරණයක තරගකරන බරින්ම ජනතාව හමුවට යාම පක්ෂය විසින් ක්‍රියාත්මක කළ බවත්ය.

“දැන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වංචා දූෂණවලට එරෙහි පුරෝගාමී නායකයා වෙන්න හදනවා. අවුරුදු දෙකක් තිස්සේ කිසිම කතාවක් නොකරපු බැදුම්කර වංචාව ගැන දැන් මතක් වෙලා ඒකට ක්‍රියාමාර්ග ගන්නවාලු. දැන් මෙච්චර කාලයකට පස්සෙ ඒහෙම කියන්නේ ඇයි? ඒ වෙන ෙමාකකටවත් නෙවෙයි මැතිවරණය නිසා. මෛත්‍රි බලන්නෙ 20 15 ජනාධිපතිවරණයෙන් ගත්ත නමට පමණක් තියෙන ‘දේශපාලන බලයක් නැති ජනාධිපතිකමට‘ දේශපාලන බලයක් ලබා ගන්නයි. පොහොට්ටුව පැත්තෙන් මෛත්‍රිට එල්ල වන චෝදනාවක් අභියෝගයක් තියෙනවා. වංචා කරපු එ.ජා.ප. කණ්ඩායම එක්ක හවුල් ආණ්ඩු ඇතිකරගැනීම සම්බන්ධ විවචෙනයෙන් බෙරෙන්න ඒයා දැන් ඡන්ද කාලෙට පොඩි එ.ජා.ප. විරෝධයක් හදන්න උත්සාහ කරනවා. අවුරුදු දෙකක් ඒකට කාපු ඒක හංගන්න ජනතාව රවටන්න පුලුවන්ද? එතරම්ම මෙයාලගෙ බල අරගලය ලොකු අර්බුදයකට ලක් වෙලා තියෙන්නෙ. මේ සේරම බලය සදහා ජනතාව රැවටීමේ සටන්පාඨ පමණයි.  ඒහෙම නැතිව ඒ්වා අැත්තටම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සදහාවන සටන්පාඨ නෙවෙයි.

දැන් ෙම් වංචා දූෂණ කතාව ගැන ඒකක් කියන්න ඔ්න. වංචා දූෂණ මේ ධනේශ්වර ක්‍රමය තිබෙන තුරු නැති කරන්න බෑ. පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධි තත්වය ගැන අපි 2015දිත් කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සමානාත්මතාවය ඇති කළ හැක්කේ සමාජවාදී ක්‍රමයක් තුළ පමණයි. එක් තමයි අපි පිළිගන්නා සත්‍යය. ඒක මේ රටේ මිනිස්සුත් ටික ටික දන්නවා. මොකද මේ සමාජ ක්‍රමයේ නිදන්ගත වංචා දූෂණ හා අර්බුදවලින් ඔවුන් හොදට බැට කාලයි ඉන්නෙ’ඉතින් මොකක්ද මේ සමාජවාදය? මේ සමාජවාදය ලෝකය තුළ පවතිනවද? මේ ක්‍රමය සාර්ථක වුණාද? සෝවියට් කදවුර බිද වැටුනේ ඇයි? ඔව් අපි ඒක දන්නවා. නමුත් මේ ධනවාදය ඇතුලෙ මිනිස්සුන්ට අවම සහනයක්වත් ෙග්න්න ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාව ඇතිකරන්න බෑ. ඒ නිසයි අපි කියන්නෙ සමාජවාදී ක්‍රමයක් ගොඩනැගිය යුතුයි කියලා.

ඉතින් ඔබ අහන්න පුලුවන් මේ සමාජවාදී ක්‍රමය කොහොමද ගොඩනගන්න පටන් ගන්නෙ කියලා. අපි මුහුණ දෙන ප්‍රශ්නවලට විරුද්ධව අරගල කිරීමෙන් තමයි මේක පටන් ගන්න ඕන. මැතිවරණයෙන් විතරක් මේ රටේ ප්‍රශ්න විසදෙන්නෙ නෑ. අපි යුද්ධ කරන්නඔ්න කියලා නෙවෙයි මේ කියන්නෙ. ජනතාව දේශපාලනයට එන්න ඕන. ඡන්ද කාලයට විතරක් නෙවෙයි, මුලු ජිවිත කාලයටම ඔබ දේශපාලනය කරන්න. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය රැකගැනීමේ අපේ වැඩපිළිවෙළට ඔබත් එක්වන්න. ඒකට ඔබ විශ්ව විද්‍යාලයේ ගිය කෙනෙක් වෙන්න ඕන නෑ. සෞඛ්‍ය අංහයේ වැඩකරන්න ඕනත් නෑ. ඒ වෙනුවෙන් කරන විරෝධතාවලට සම්බන්ධ වෙන්න ඕනත් නෑ. ඒකට ඔබට ගමේදි නිවසේදි පවා එකතු වෙන්න පුලුවන්. ඒ සදහා ඕනම පරිත්‍යාගයක් කරන්න පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලෑස්තියි.

අපේ දේශපාලනය පොදු මහ ජනතාවගේ ජයග්‍රහණය තෙක් අඛණ්ඩව පවත්වාගෙ යනවා වගේම, මේක මැතිවරණයට සීමා වෙච්ච ඡන්ද පදනම් කරගත්තු දේශපාලනයක් නෙවෙයි. ඒ නිසා අපිට මැතිවරණයකට තරග කිරීම හෝ නොකිරීම අදාළ නෑ. අපි මේ මැතිවරණ අවස්ථාව තෝරා ගත්තේ ලාංකේය ජනතාව දැනුවත් කරන්නයි.විශේෂයෙන් මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ කරන දේශපාලන රැවටීම ගැන දැනුවත් කරන්න. එජාප, ශ්‍රීලනිප, ජවිපෙ වගේම දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංන්ග්‍රසය වැනි බොහෝ දේශපාලන පක්ෂ මේ රැවැට්ටීම අනු ගමනය කරනවා. තමන්ට බලය දුන්නොත් මේ ප්‍රදේශය සුරපුරක් කරන්නම්, ප්‍රදේශයේ සියලු ප්‍රශ්න විසදන්නම් කියමින් බලය සදහා කරන මේ දේශපාලන ව්‍යාපාර ඇතුලේ, ඔවුන් කතා නොකර සැබෑ ප්‍රශ්න පිළිබදව රටේ පොදු ජනාතාව දැනුවත් කරන්නයි, අපි ඡන්දය ඉල්ලන්නේ නැතත් මැතිවරණ කාලයේ මේ වගේ ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළේ.”