தமிழ்
English
Contact
Sunday 24th September 2017    
රාජපක්ෂ ආණ්ඩුවට දූෂණ චෝදනා ගැන අවුරුදු දෙකහමාරක් පමා වී පරික්ෂණ කඩිනම් කරයි « Lanka Views | Views of the truth

රාජපක්ෂ ආණ්ඩුවට දූෂණ චෝදනා ගැන අවුරුදු දෙකහමාරක් පමා වී පරික්ෂණ කඩිනම් කරයි



ඉදිරි දේශපාලන කටයුතුවලදී අභියෝගයක් ලෙස මතුවන හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ කඩිනම් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
පසුගිය දිනවල හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා පිළිබඳ පරික්ෂණ ඉතාම මන්දගාමී ලෙස සිදුකෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්රීදවරුන් පිරිසක් දිගින් දිගටම කරුණූ දැක්වීමක් දක්නට ලැබිණි. විශේෂයෙන් රවි කරුනානායක ඇමතිවරයාට අදාල චෝදනා මතුවෙද්දී රාජපක්ෂ ආණ්ඩුවේ දූෂීතයන් සම්බන්ධ ලිපිගොනු කිසිවක් විමර්ශනය නොකෙරෙන බවට ඔවුහු චෝදනා කළහ. මෙහිදී ජනාධිපතිමෛත්රිොපාල සිරිසේන ප්රලකාශ කර තිබුනේ තමන් හා හවුල් ආණ්ඩුව පිහිටුවන්නට එක් වූ හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන් පිළිබද වංචා දූෂණ චෝදනා පැමිණිලි විභාගයට නියමිතව ඇති බවයි. ඒ අනුව වත්මන් හවුල් ආණ්ඩුවට වංචා දූෂණ සම්බන්ධයෙන් අවංක ප්රයවේශයක් නොමැති බව සනාථ විය. යහපාලන රජය බලයට පත්වී මේ වන විට වසර දෙකහමාරක් ගතවී ඇතත් හිටපු ජනපතිට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව කිසිදු පරික්ෂණයක් තවමත් අවසන් වී නැති බවද ඔවුන් පෙන්වාදී ඇත. පසුගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේදීත් ඇමැතිවරුන් කීප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි වාර්තාවේ.
2015 ජනවාරි 8 වැනිදාට පෙරාතුව ජනාධිපතිවරණ ව්යා පාරයේදී වත්මන් ආණ්ඩුවේ නායකයන් විසින් රාජපක්ස ආණ්ඩුවේ මර්දනකාරිත්වය, වංචා දූෂණ සහ වෙනත් අපරාධ සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි පාලනයකදී පරක්ෂණ කරන බව සහ වරදකරුවන්ට දඩුවම් දෙන බවට පොරොන්දු වූහ. එහෙත් ජනවාරි 9වැනිදා පරාජය සටහන් වීමත් සමග මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැතිවරණ පරාජයත් සමග අමැති රනිල් වික්රැමසිංහගේ මැදිහත්වීමෙන් විහේෂ ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් මැදමුලන නිවස කරා රැගෙන යන ලදී. මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය සවිමත් කරමින් මෛත්රිනපාල සිරිසේනගේ භූමිකාව ප්රනමුඛවීමට බාධාකරන්නේද එක්සත් ජාතික පක්ෂය බවට චෝදනා එල්ල විය. හිටපු ජනාධිපති රාජපක්ෂ සමග කෝපි පාලනය කරමින් විපක්ෂ නායක භූමිකාව ඉටු කළ රනිල් වික්රකමසිංහ මහින්ද රාජපක්ෂට එරෙහි චෝදනා විමර්ශනයක් කරන්නට සූදානම් නැති බවද දක්නට ලැබිණී.