Posted on 11.04.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
කිරි පිටි සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේනම් වහාම මිළ ඉහල දැමීමට අවස්ථාව ලබා දෙන ලෙස පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය වෙත අදාළ සමාගම් විසින් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
මේ අනුව අදාළ සමාගම් විසින් කිරිපිටි සඳහා පනවා ඇති 15% එකතු කල අගය මත වූ බද්ද (VAT) ඉවත් කිරීමට මෙලෙස ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් මුදල් අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවත් සඳහන් වේ.
කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය සඳහා මෙම කිරි පිටි මිළ ඉහල දැමීම ආණ්ඩුවට අවාසි දායකවීම හේතුවෙන් මෙම මිළ ඉහල දැමීම ප්‍රමාධ කිරීමට හේතු විය හැක.