Posted on 10.05.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2015 නේපාලයේ භූමිකම්පාවෙන් හානියට පත් කෝවිලක් සහ බෞද්ධ විහාරයක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා ආණ්ඩුව විසින් රුපියල් මිලියන 105ක අමතර මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
නේපාලයේ ආනන්ද කුටි විහාරය සහ රතෝ මච්චිදාරත් හින්දු කෝවිල ප්‍රතිසංස්කරණය කිරිම සදහා යුද හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව යොදවා මෙසේ ආණ්ඩුව විසින් රුපියල් මිලියන 345ක ඇස්තමේන්තුවක් සකස් කර තිබේ. එයින් මිලියන 100ක් 2016දී නිදහස් කර ඇති අතර අනෙකුත් වියදම් සදහා තවත් මිලියන 105ක් වෙන්කරන්නට මෙසේ අලුතින් අවසර දී ඇත.