தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
අැමතිගේ සාකච්ඡාවෙන් පසු වෙෙද්‍ය වර්ජනය නවතී ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අැමතිගේ සාකච්ඡාවෙන් පසු වෙෙද්‍ය වර්ජනය නවතී !



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති සංකේ ත වැඩ වර්ජනයට අදාළ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැදිහත් වූ පසුව ඒම සංගමය වැඩ වර්ජනය අත්හිටුව අැත.

සයිටම් අර්බුදයට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද පෙරවරු 08.00 ට ආරම්භ වූ සංඛේත වැඩ වර්ජනය හෙට පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු අැමතිවරයා සමග සාකච්ඡාවක නිරත වී වර්ජනය අත්හිටුවා තිබේ.

ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනයේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අැමතිවරයා සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.