தமிழ்
English
Contact
Saturday 17th February 2018    
මම අමෙරිකන් පුරවැසියෙක් නිසා අගමැතිකම ගන්න බෑ ! - යළි දිවයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂ කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මම අමෙරිකන් පුරවැසියෙක් නිසා අගමැතිකම ගන්න බෑ ! – යළි දිවයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂ කියයි



අමෙරිකාවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) දිවයිනට පැමිණීමෙන් පසුව තමන් අමෙරිකන් පුරවැසියෙක් බව මාධ්‍යවේදින් අමතා ප්‍රකාශ කර අැත.

මේ දක්වා ද්විත්ව පුරවැසිභාවය පිළිබද සගවමින් සිටි පුද්ගලයන් අතර ෙගා්ඨාභය රාජපක්ෂ ඒක් අයෙකි. ඔහු පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ අාරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ෙල්කම්වරයා ෙලසද කටයුතු කළේ ඒක්සත් ජනපද පුරවැසියකු ලෙසිනි. ඒසේම ඒක්සත් ජනපදයට  සංග්‍රාමික කටයුතුවලදී ලංකාව භාවිත කිරීමට ඉඩ සලසා දෙන අාකාරයේ අාරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමට ද ෙගා්ඨාභය රාජපක්ෂ කටයුතු කළේය. ඒම ගිවිසුම අත්සන් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ අනුදැනුමකින්  තොරව බව පසුව හෙළිදරව් විය. මීට සති කිහිපයකට පෙර ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ඔහු අද දින ඩුබායි හි සිට පැමිණියේය.

පෙරවරු 8.10 ට දිවයිනට පැමිණ ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ කුටියේදී හිතවතුන් විසින් පිළිගනු ලැබූ හිටපු ආරක්ෂක ලේකම්වරයා  පිටතට පැමිනි අවස්ථාවේදි ඉදිරි දේශපාලන පියවර ගැන මාධ්‍යවේදීන් විසින් ඇසූ  ප්‍රශ්න කීපයකට පිලිතුරු දුන්ෙන්ය. ශ්‍රීල.නි.ප. අගමැතිකමට පත්කළොත් ඊට සූදානම්දැයි අැසු විට, “බෑනේ මම අමෙරිකානු  පුරවැසියෙක්නෙ. ඒ් නිසා අගමැතිකම ගන්න මට හැකියාවක් නැහැ” යනුවෙන් කියා සිටියේය. ඒසේම දේශපාලනයට එන්න තාම අදහසක් නැති බවද මේ වගේ ආණ්ඩුවක අගමැතිකමක් ගන්න කිසිදු උවමනාවක් නැති බවද ඔහු කීය.