தமிழ்
English
Contact
Saturday 28th October 2017    
ලාංකික ගෘහසේවිකාවන් 150ක් අරාබි බන්ධනාගාරවල « Lanka Views | Views of the truth

ලාංකික ගෘහසේවිකාවන් 150ක් අරාබි බන්ධනාගාරවල



කුවේට් සහ ඕමාන් යන රටවල ගෘහ සේවිකාවන් ලෙස ගොස් සිටින ශ්‍රී ලාංකික කාන්තාවත් 150 දෙනෙකු පමණ මේ වනවිට විවිධ හේතු මත ඒම රටවල බන්ධනාගාරගතව සිටින බව විදේශ රැකියා පිළිබඳ නියෝජ අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අම්පාර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් පිටරට යැවීම නතර කිරීම උදෙසා රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන බව ද ඔහු කීය.