Posted on 09.26.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විදේශ විනිමය උපයා ගන්නට කාන්තාවන් වහල් සේවයට යවනවා මිස ඔවුන්ට කරදරයක් වූ විට හෝ මරණයට පත් වූ විට මැදිහත්වන්නට කිසිවකු නැති බවත් මැදපෙරදිගදී කාන්තාවන් අකාලයේ මිය යන නමුත් ලංකාවේ පාලකයන් ඔවුන්ගේ පැල්පතකට කවදාවත් ගොඩ වැදී නැති බවත් ‘නිදහස උදෙසෙ කාන්තා ව්‍යාපාරය’ පවසයි.
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ මාධ්‍ය සාකච්චාවකට එක් වෙමින් එහි ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න ඊයේ (25) මේ බව ප‍්‍රකාශ කළාය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී විදේශ විනිමය උපයා ගැනීම හා ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳ අවශ්‍යතා සාකච්ඡාවට ගැණුනද මැද පෙරදිග වහල් සේවයේ දුක් පීඩා විඳින කාන්තාවන් ගැන කිසිවකුටත් සිහිපත් නොවන බවයි. කාන්තාවන් පාර්ලිමේන්තුවට යැවීම හෝ පළාත්පාලන ආයතනවල කාන්තා නියෝජනය ගැන කොතරම් විවාද කළද පීඩාවට පත් කාන්තාවන් පිළිබඳ ප‍්‍රශ්නය එම සභාවල කතාවට ගන්නට කෙනෙකු නැති බව ඇය පෙන්වා දුන්නාය. මේ වනවිට තම සංවිධානය විසින් විදේශගත වහල් සේවයට කාන්තාවන් යැවීම නවතන ලෙසත් රට තුළ රැුකියා සුරක්ෂිතතාව ලබා දෙන ලෙසත් උද්ඝෝෂනයක යෙදී සිටින බවද ඇය ප‍්‍රකාශ කළාය. එවැනි සැබෑ ප‍්‍රශ්න කතා කරන්නට නම් පීඩා විඳින කාන්තාවන් එම නියෝජිත ආයතන වෙත යැවිය යුතුය. එසේ සැබෑ පීඩිත කාන්තාවන් නියෝජනය නොවන තාක් පීඩාවට පත් කාන්තාවන්ගේ ප‍්‍රශ්න පිළිබඳ විසඳුම් තබා එම ප‍්‍රශ්න සම්බන්ධ සාකච්ඡුාවක් පවා ගතහැකි වන්නේ එවැනි ඇත්ත පීඩිතයන් නියෝජනයකින් පමණක් බවද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකාව අවධාරණය කළාය.
මෙම අවස්ථාවට නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ නිරෝෂා හේරත් සහ එරන්දි රණවීර යන සභිකාවන්ද සහභාගි වූහ.