Posted on 10.01.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
25වැනිදා ගල්කිස්සේදී රෝහින්යා ජාතිකයන් 30 දෙනකු සම්බන්ධව අැතිවූ කලහකාරී තත්වය පිළිබද හිමිකම් කොමිසම විසින් අමාත්‍යංශ මට්ටමේ රැස්වීමක් කැදවා තිෙබ්.
ගල්කිස්ස ප්‍රදේශයේ නිවහනක රදවා සිටි වැඩිහිටියන් හා දරුවන්ගෙන් සමන්විත කණ්ඩායම මුහුද මැද සිදු වූ අාපදාවකින් පසුව නාවික හමුදාව විසින් ගලවාෙගන ඒක්සත් ජාතින්ගේ සරණාගතයන් පිළිබද මහකොමසාරිස් කාර්යාලය මගින් නීතිමය කටයුතු කිරිම පිණිස ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක තාවකාලික පදනමින් රදවනු ලැබිණි. ඒහේත ‘සිංහල රාවය’ නමැති කණ්ඩායමක් විසින් ඒම නිවස්නය වටලා ගල්මුල්වලින් ගසා නිවැසියන්ට මෙන්ම ප්‍රදේශවාසින්ට මහත් හිරිහැරයක් සිදුකරන ලදී. පොලිසිය විසින්ද ඒම ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ නිහඩව සිටිනු දක්නට ලැබිනි. අධිකරණය මගින් නීති කෘත්‍ය සදහා නැවත ඒම පුද්ගල කණ්ඩායම ගල්කිස්ස නිවස්නයට යවන ලද නමුත් ප්‍රචණ්ඩකාරින් නැවත ඒහි කඩා වැදී හිරිහැරදායක ලෙස කටයුතු කරන ලද නිසා ඒම දරුවන්, කාන්තාවන් හා පිරිමි සියල්ලම බූස්ස කදවුර වෙත යවා තිබේ.
මෙම් සිදුවීම මත අමාතයංශ මට්ටමින් සාකච්ඡා කර වාර්තාවක් සකස් කරන්නට හා ඒය අාණ්ඩුවේ අවධානයට ලක් කරන්නටත් මානව හිමිකම් කොමිසම කටයුතු කරන බව ඒහි සභාපතිනි අාචාර්ය දීපිකා උඩගම පවසයි. ඒ් අනුව අධිකරණ අමාතයංශය, විදේශ අමාත්‍යංශය, බන්ධනාගාර අමාතයංශය, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය, පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශය සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යන අායතනවලින් නියෝජිතයන් කැදවා මෙම සිදුවීම පිළිබද වාර්තාවක් අාණ්ඩුවට ලබා ෙදනු අැත.