தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
ICC ශ්‍රේණිගත කිරීම් හමුවේ ඉන්දියාව පෙරමුණට « Lanka Views | Views of the truth

ICC ශ්‍රේණිගත කිරීම් හමුවේ ඉන්දියාව පෙරමුණට



අන්තර් ජාතික එක් දින ක්‍රිකට් කණ්ඩායම්හි පළමු ස්ථානයට පැමිණීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන එක් දින තරග පහකින් සමන්විත සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පැවැති එක්දින තරග තුනකින් පිටපිටම ජය ගැනීමත් සමග ඉන්දීය කණ්ඩායමට එම ස්ථානයට පැමිණීමට හැකියාවිය.

ඉන්දීය කණ්ඩායම පළමු ස්ථානයට පැමිණී අතර ඔවුන් එක්දින තරග 48කට මුහුණදී  ප්‍රසාද ලකුණු 120ක් ලබා ගෙන ඇත. මීට පෙර පළමු ස්ථානයේ සිටියේ දකුණු අප්‍රිකාවයි. ඔවුන්ට නවතම ශ්‍රේණිගත කිරීම් හමුවේ හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි. දකුණු අප්‍රිකාව හිමිකර ගෙන ඇති ප්‍රසාද ලකුණු 119කි.  තුන්වන ස්ථානය ඔස්ට්‍රේලියානු කණ්ඩායම හිමිව තිබේ. ඔවුන් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය 114කි.

ශ්‍රී ලංකාව මේ වන විට ශ්‍රේණිගත කිරීම් හමුවේ  8වන ස්ථානයට පත්ව ඇත. ඔවුන් ලබාගෙන ඇති ප්‍රසාද  ලකුණු ප්‍රමාණය 86 කි.




Related News