Posted on 09.30.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
එළෙඹෙන ඔක්තෝම්බර් මස සිට ඉන්ධන මිළ ඉහළ දමන බව ලංකා ඉන්දියන් ඔයිල් කොපරෂන් පුද්ගලික සමාගම පවසයි.
ආණ්ඩුව විසින් ඉන්ධන මත අය කරන බදු අඩු කිරීමට කටයුතු නොකරයිනම් අදාළ මිළ ඉහළ දැමීම සිදු කරන බවත් ඒ බව ලංකාවේ ආණ්ඩුවට දැනුම් දී ඇති බවත් එම සමාගම වැඩි දුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත.
මින් පෙර ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිළද ඉහළ දමා තිබු අතර මේ අනුව ඉදිරියේදී සියළු ඉන්ධන වර්ග වල මිල ඉහළ යාමට නියමිත ඇත. මේ වන විටද ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහලගොස් තිබෙන භාණ්ඩ හා සේවා ගණනාවක මිල ගණන් ඉන්ධන මිළ ගණන් ඉහළ යාමට සාපේක්ෂව ඉහළ යාමටද බලපෑම් කරනු ඇත.