தமிழ்
English
Contact
Thursday 14th December 2017    
ජ.වි.පෙ. ඩීල් කරන පක්ෂයක් නෙවෙයි, ඩීල් කියන්නෙ මෙන්න මේවට – ජ.වි.පෙ. නායකයා කියයි « Lanka Views | Views of the truth

ජ.වි.පෙ. ඩීල් කරන පක්ෂයක් නෙවෙයි, ඩීල් කියන්නෙ මෙන්න මේවට – ජ.වි.පෙ. නායකයා කියයි



ජනතා විමුක්ති පෙරමුණ ඩීල් කරන දේශපාලන පක්ෂයක් ලෙස හදුන්වන නමුත් ඩීල් ඇත්තේ තම පක්ෂයේ නොවන බව සනාථ වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

ඊයේ (01) මහනුවරදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සමිති රැස්වීමක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. නායකයා පැවසූවේ 2014 වසරේදී රජයේ අරමුදල්වලින් සිල්රෙදි බෙදීම සම්බන්ධ නඩුවේ වැරදිකරුවන් බවට පත්වූ දූෂිතයන්ට ඇප ලැබුන බව පෙන්වා දුන්නේය. එසේම විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ විදේශ ගමන් බලපත්‍ර සම්බන්දයෙන් මතුවූ ප්‍රශ්නයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මැදිහත්වීමේදී ප්‍රධාන සාක්ෂිකරුවා ජනාධිපතිවරයා බවද ඔහු කීය. ඒ අනුව ඩීල් ඇත්තේ ඔවුන් ළඟ මිස තමන් ළඟ නොවන බවත් එහිදී අනුර දිසානායක මන්ත්‍රිවරයා අවධාරණය කළේ ය.