Posted on 10.18.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් 2015 ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් එසේ නොකර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත ජනාධිපතිවරණයට පැමිණියහොත් අනිවාර්යයෙන්ම පරාජයට පත්කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.
එසේම විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැතිවරයෙකු පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් ඉඩ නොදෙන බව ඔහු අවධාරණය කර තිබේ. මේ අනුව 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පත් කිරීමට දරදිය ඇද ඔහු පරාජය කිරීමට 2015දී කටයුතු කළ ආකාරයටම 2015 මෛත්‍රිපාල සිරිසේන පත්කිරිමට දරදිය ඇදි ජවිපෙ ඉදිරි ජනාදිපතිවරණයේදී දෙවැනි වරටත් තම දායකත්වයෙන් පත්කළ විධායක ජනාධිපති පළවාහරින්නට කටයුතු කරන්නට ඉදිරිපත්ව ඇත.
2015 ජනාධිපතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් නොකර මහින්ද රාජපක්ෂ පරාජය කිරිමේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන වැඩ කොටසක් ඉටු කළ අතර එහිදී මහින්දගේ කඩේ බඩු හොද නැති බවද මෛත්‍රිපාලගේ කඩේ බඩු හොදද බැලිය යුතු බවද කියමින් අනියමින් මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කිරිමට සහාය දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 ආණ්ඩුවේ තීරක ආයතනයක් වූ ජාතික විධායක සභාවේ සාමාජිකත්වය හා පාර්ලිමේන්තුවේ විපක්ෂ ප්‍රධාන සංවිධායක තනතුර අනුර දිසානායක මන්ත්‍රිවරයාටත් කෝප් කමිටුවේ සභාපතිකම සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රිවරයාටත් හිමි විය. මීට අමතරව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ වගකීමක්ද ජ.වි.පෙ. නායක අනුර දිසානායක වෙත ලබා දී තිබිණි.
ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම්වරයා සදහන් කරන ආකාරයට 2020 ජනාධිපතිවරණය සදහාද ජ.වි.පෙ. ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකර විපක්ෂ අපේක්සකයකු බලයට පත්කිරිමට අනියමින් සහාය දෙන්නට පසුබිම සකස් වෙමින් තිබේ.