தமிழ்
English
Contact
Thursday 14th December 2017    
ලංකා ආණ්ඩුවේ මානව හිමිකම් පොරොන්දු පිළිබද සමාලෝචනය අද ඇරඹේ ! « Lanka Views | Views of the truth

ලංකා ආණ්ඩුවේ මානව හිමිකම් පොරොන්දු පිළිබද සමාලෝචනය අද ඇරඹේ !



2012 මැයි මස සිට එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත දුන් විවිධ පොරොන්දු එලෙස ඉටු කර ඇත්දැයි සිදු කෙරෙන වාර්ෂික සමාලෝචනය අද (15) මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ආරම්භ වේ.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ පාලනයේ මෙන්ම වත්මන් මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ පොරොන්දු ඒ අකාරයෙන්ම ඉටි කර නැති බව මානව හිමිකම් ක්‍රියාකාරින්ගේ චෝදනාව වී ඇත. 2012 වසරට වඩා යම් ප්‍රගතියක් දක්නට ඇති නමුත් සංක්‍රාන්තික යුක්තිය වැනි අතිශය තීරනාත්මක අංශ පිලිබද කිසිවක් සිදුව නැති බව ඔවුහු පෙන්වා දෙති.

යුද සමයේ මෙරට සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ විශේෂයෙන් යුධ අපරාධ සම්බන්ධ චෝදනා පිළිබද තත්වය සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධ විමර්ශනවල ප‍්‍රගතිය මෙහිදී විමසා බලනු ඇත. ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ විශ්ව කාලාන්තර සමාලෝචන පිලිබද ක‍්‍රියාකාරී කමිටුව‘ විසින් මේ සම්බන්ධ මෙම වාර්තාව සමාලෝචනයට ලක් කරයි. විමර්ශණය කිරීමට නියමිත
ප‍්‍රධාන කරුණු අතර සත්‍ය කොමිසමක් පිහිටුවීම සම්බන්ද ප්‍රගතිය, අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීම, වධහිංසා සහ අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීම පිලිබද වාර්තා තිබේ. එපමණක් නොව සියලු ප‍්‍රජාවන් සදහා සාමානාත්මතාවයෙන් යුතුව යුක්තිය ඉටුවීම, සුලුතර ජන කොටස්වල ආගමික නිදහස, ලිංගික ප‍්‍රචණ්ඩත්වය සහ කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන ප්‍රගතිය ද මෙහිදී විමසා බැලීමට නියමිතය.
ලංකා ආණ්ඩුව නියෝජනය කරමින් මෙම සැසිවාරය සදහා ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුලු පිරිසක් සහභාගි වෙති.