Posted on 10.05.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවෙන් ඕස්ට්‍ර්ලියාව බලා ගමන්කර එරටදී කාන්තා අපචාරයකට හසු වූ දෙමළ තරුණයෙක් රැදවුම් කදවුරක සිටියදී සිය දිවි නසාගෙන ඇති බව විදේශ මාධ්‍ය හෙළි කරයි.
32 හැවිරිදි මෙම තරුණයා වසර ගණනකට පෙරාතුව එරටට සංක්‍රමණය වී ඇතත් දැඩි මානසික පීඩාවකින් සිටි බව ඔහුගේ හිතවතුන් පවසා තිබේ. කාන්තාවකට ලිංගික හිංසනයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාදාමයක් ආරම්භ වී තිබුනු අතර අත්අඩංගුවට ගෙන මානුස් දිවයිනේ රැදවුම් භාරයේ සිට ඇත. එහිදී දැඩි මානසික පීඩාවකින් පෙළුණු නිසා රෝහල් ප්‍රතිකාර ලබා ඇති ඔහු පසුගිය 2 වැනිදා සියදිවි නසාගෙන ඇති බව රෝහල් සේවකයන් විසින් සොයාගෙන ඇත.
