தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
පාසල් දරුවන්ට ටැබ් බෙදා අවසන් – මන්ත්‍රිවරුන්ට ලැප්ටොප් දෙන්න යයි! « Lanka Views | Views of the truth

පාසල් දරුවන්ට ටැබ් බෙදා අවසන් – මන්ත්‍රිවරුන්ට ලැප්ටොප් දෙන්න යයි!



අාණ්ඩුව මුලින් ප්‍රකාශ කළ අාකාරයට පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබා දෙනු වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැප්ටොප් ලබාදෙන බව මේ දිනවල පාර්ලිමේන්තුවෙන් වාර්තා වී තිබේ.

පාසල් දරුවන්ට ටැබ් ලබා දෙන බවට පසුගිය වසරේ අයවැයට ව්‍යාජ යෝජනා ඉදිරිපත් කළ අාණ්ඩුව මාස ගණනාවක් තිස්සේ ඒහි ප්‍රචාරක කටයුතු සිදු කළ නමුත් තවමත් පාසල් දරුවන්ට ඒසේ ටැබ් ලබාදී නැත. මෙහි පළමු අවස්ථාව ලෙස ඒක් පාසලකට ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අැමති අකිල විරාජ් ගොස් ටැබ් බෙදා දුන් බවක් ප්‍රචාරය කරන ලද නමුත් දැන් ඒය යටපත්ව ගිය පුවතකි. ලබාදුන් ටැප් රු. 60000ක් වටිනා බවද ඒය ගෙවන්නට නොහැකි දරුවන්ට ටැබ් හිමි නොවන බවද දැනගන්නට අැත. කෙසේවෙතත් දැන් පාසල් දරුවන්ට ටැබ් දෙන කතාව වෙනුවට පුචාරය වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාට ලැප් ටොප් පරිගනක ලබා දීමය.

පාසල් දරුවන්ට අාණ්ඩුව විසින් ලබා දිය යුතු වන්නේ නිදහසේ ඉගෙනුම ලැබිය හැකි පන්ති කාමර, ගුරුවරු හා ඉගෙනුම් පරිසරයකට අවශය වෙනත් මූලිකාංගය. දරුවන් හෝ දෙමාපියන් අාණ්ඩුවෙන් ටැබ් ඉල්ලා සිටියේ නැත. ඒහෙත් අධ්‍යාපන අැමති විසින් ඒවැනි පොරොන්දුවක් දී අැත. තවමත් පාසල්වල දරුවන් සීමාව 45කි. ඒෙහත් අැතැම් පාසල්වල දරුවන් 55ක් පන්තිකාමරවල සිරකරුවන් ලෙස ඉගෙනුම ලබති. අවම වශයෙන් දරුවන් 25ක් සහිතව ඉගෙනුම ලබන්නට අවශ්‍ය පරිසරය හිමිකර දෙනවා ෙවෙනුවට පාලකයෝ විකර කරති. මව්පියෝ ඒ්වා අසා සිටිති. ගුරුවරු හෝ විදුහල්පතිවරු නැතිනම් අධ්‍යාපනය පිලිබද දැනුම අැති විද්වතුන් අද දරුවන් මරාගෙන කන අධ්‍යාපන ක්‍රමයට වෙනසක් කරන්නට මැදිහත්වීමක් කරන්නේ නැත.

මේ තත්වය තුළ පාසල්වල මුදල් අයකිරීම සිදු වේ. පාලකයන් වසරකට වරක් කෝටි ගණනින් වැය කර සුඛෝපභෝගී වාහන ගෙන්වති. පාර්ලිමේන්තුවේ 225ම ඒ්වා අඩු නැතිව බදා ගනිති. නමුත් දරුවන්ගේ අධයාපනය ඉහළ නැංවීමට සක්‍රිය මැදිහත්වීමක් කරන්නට අැත්තේ අතළොස්සකි. ශිෂ්‍ය අරගල පැන නගින්නේ මෙම තත්වය තුළය. පාසල් මට්ටමේ සිට සහේදර ශිෂ්‍ය ප්‍රජාවගේ අයිතින් වෙනුවෙන් සටන් කරන්නට ශිෂ්‍ය ව්‍යාපාර පෙළගැසිය යුතු කාලය ඒළඹ අැත.

අද අධ්‍යාපනය අයිතියක් යන පදනමින් ශිෂ්‍ය, ගුරු, මව්පිය හා සමාජ ව්‍යාපාර ඒ්කරාශිව සිටී. ඔවුන්ගේ අරගලය සම්බන්ධව ජනමාධ්‍යවල සිදුවන සාකච්ඡාවද අල්පය. ඒහෙත් පාර්ලිමේන්තුවේ හෝ ජනමාධ්‍ය කැමරා හමුවේ වැල්වටාරම් ප්‍රලාප දොඩවන, හෝද හෝදා මඩේ දමන කතා යහමින් ප්‍රචාරය කෙරේ. අාණ්ඩුව ටැබ් දෙන බව කියන විට මේ මාධය කැමරා ඒ් ෙවත යොමුකරයි. ඒ් දෙන කතාව වෙනුවට වෙනත් ඔ්පදුපයකට  කැමරා අටවන්තනට ගතවන්නේ තත්පරයකි. ඒ් නිසාම අධ්‍යාපනය පැත්තෙන් වේවා ජනජිවිතයේ වේවා ප්‍රශ්න ජනමාධ්‍ය හමුවේ පැවසිමෙන් පමනක් කිසිවක් සිදු නෝවේ. ප්‍රහ්නය වෙනුවෙන් සක්‍රිය වියයුතුව අැත.