தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
අාණ්ඩුවට නීති කෙටුම්පත් කිරීම හිරිහැරයක් වෙලා - පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අාණ්ඩුවට නීති කෙටුම්පත් කිරීම හිරිහැරයක් වෙලා – පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක්



පනත් සම්මත කරන්න කළින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්වන සංශෝධනය කිරීම් අසාමාන්‍ය ලෙස අධිකවීම සම්බන්ධව ඒම දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කර තිබේ.

අැතැම් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන්නට පෙරාතුව 20 වරකට වැඩියෙන් සංශෝධනය කරන්නට සිදුවන බවද අවසන් කෙටුම්පත භාෂා තුනෙන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවද සංශෝධනය කිරීම් සදහා නියෝග ලැබෙන තත්වය නිසා පනතට අදාළ පියවර  සියල්ල යළි මුලසිට ක්‍රියාවේ ෙයාදවන්නට සිදුව තත්වයක් අැතිව තිබෙන බවද ඒම වාර්තාවෙන් පෙන්වා දෙයි. වැඩි වාර ගනනක් ඒනම් 22 වතාවක් සංශෝධන කිරීමට බලපෑම් කරන ලද පනත් අතර ජාතික විගණන පනත් කෙටුම්පත සහ මෝටර් ප්‍රවාහන අාඥාපනත අැති බව ඒම වාර්තාෙවන් වැඩිදුරටත් දක්වා අැත. ඒසේම ධරණීව සංවර්ධන පනත් කෙටුම්පත 15 වරක් ඉඩම් සංවර්ධන අාඥාපනත 14 වරක්  රාජ්‍ය ඉඩම් (විශේෂ) පනත් කටුම්පත 13 වරක්  ස්වේච්චා සමාජ සේවා පනත් කෙටුම්පත 11 වරක් අාරක්ෂක විශ්ව විද්‍යාල පනත 10 වරක්ද යනාදී වශයෙන් වරින් වර විවිධ අවස්ථාවලදී සංහෝධනය කරන්නට සිදුව අැති බව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

නීති කෙටුම්පත් කිරීම යනු වයවස්ථාමය සීමාවන් සහ අාණඩ්ුවේ අරමුනු අනුව නීති සකස් කිරීමකි. ඒය සිය දේශපාලන අරමුනු නඅව යළි යළි වෙනස් කරන්නට අාණ්ඩුවේ අැමතිවරු සහ නිලධාරිතන්ත්‍රය බලපෑම් කරමින් තිෙබ්. වත්මන් අාණ්ඩුව විසින් සිය දේශපාලන අරමුණු වෙනුවෙන් සහ අාර්ථික පිළිවෙත ඉදිරියට ගෙන යාම වෙනුෙවෙන් මෙසේ වරින්වර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තු ිනලධාරින් හිරිහැරයට පත්කරන බව මෙම වාර්තාව මගනි් හෙළිදරව් ෙව්.