தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
නිදහසේ හුස්ම ගැනීමටවත් ඉඩ දියව් ! - 'වෙනසක තාරුණ්‍ය' මහනුවරදී වීදි බසී ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිදහසේ හුස්ම ගැනීමටවත් ඉඩ දියව් ! – ‘වෙනසක තාරුණ්‍ය’ මහනුවරදී වීදි බසී !



ලංකාෙව් වායු දූෂණය වැඩිම නගරය ලෙස සැළකෙන මහනුවරදී ‘ හුස්ම ගැනීමට ඉඩ දියව්’ යන තේමාවෙන් විරෝධතා බැනරය අත්වසන්ක් කිරීම ‘වෙනසක තාරුණ්‍ය’ (Youth for CHEnge) සංවිධානය විසින් අද(12) කැදවා තිබිණි.

අධික රථවාහන තදබදය සහ නාගරික කටයුතු විධිමත්ව කළමනාකරණය නොකිරිම හේතුවෙන් ජනතාව වායු දූෂණයේ ෙගාදුරු බවට පත්වීම සිදු වේ. විශේෂයෙන් කිසිවක් නොදන්නා ගර්භනී මවුන්ගේ කළලවල සිටින සහ කුඩාම දරුවන් පවා මෙම වායු දූෂණය නිසා සිය ජිවිතකාලයටම බලපාන අාබාධවලට ගොදුරුවන තත්වයක් අැත. මේ සම්බන්ධව රාජ්‍ය බලධාරින්ට සහ ප්‍රාදේශීය බලධාරින්ට බලපෑම් කිරීම සහ ඒම තත්වයන් වෙනස්කිරීමට බලපෑම් කිරීමේ වගකීම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට මෙවැනි දුන්වත් කිරීමක් හා මහජන විරෝධතා දැක්වවීමක් සංවිධානය කළ බව ‘වෙනසක තාරුණ්‍ය’ සංවිධානය ප්‍රකාශ කරයි.

ඒම අවස්ථාව අවසානයේ ෙවනසක තාරුණ්‍ය සංවිධායක සුජිත්ය කුරුවිට සහෝන්දරයා අැතුලු ක්‍රියාකාරින් විසින් ‘වෙනසක තාරුණ්‍ය’සංවිධානය පිළිබදවත් හා විරෝධතා දුක්වීමේ අරමුනු සම්බන්ධවත් ජනතාවට හා ජනමාධ්‍යවේදින්ට කෙටි පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.