தமிழ்
English
Contact
Thursday 7th December 2017    
අධ්‍යාපන පෞද්ගලීකරණ ප්‍රවර්ධනය උදෙසා උපාධි මිලදී ගැනීමට පොලී රහිත ණය « Lanka Views | Views of the truth

අධ්‍යාපන පෞද්ගලීකරණ ප්‍රවර්ධනය උදෙසා උපාධි මිලදී ගැනීමට පොලී රහිත ණය



අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් උපාධි මිලදී ගැනීම සඳහා සිසුන් යොමු කරවීමට ආණ්ඩුව විසින් රුපියල් ලක්ෂ 8ක පොලී රහිත ණය මුදලක් ලබා දීමට සුදානම් වී ඇති බව පැවසේ.

ඉහළ මධ්‍යම පාන්තික රටක් ලෙස මානව ප්‍රාග්ධනය ඉහළ දැමීමේ වැදගත්කම හා අවශ්‍යතාව සලකා බලා උසස් අධ්‍යාපනය හැදෑරීමේ වැඩි අවකාශ සැලසෙන පරිදි අමතර අවස්ථාවන් ලබා දීම වෙනුවෙන් මෙම නය මුදල් ලබා දීම සිදු කෙරෙන බවත් වසර 04ක උපාධියක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 8කද වසර 3ක උපාධියක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 6කද සහනදායි ණයක් ලෙස ලබා දීමට සුදානම් බවත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර ඇත.

නියමු ව්‍යාපෘතියක් ලෙස 2015 වසරේ උසස් පෙළ සමතුන්ට මෙම නය මුදල ලබා දීමට සුදානම් බව වාර්තා වේ.

මෙම ක්‍රියාවලිය අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන බව නොරහසකි. මේ අනුව පුද්ගලික අධ්‍යාපනය විකුණන ආයතන වලින් උපාධි මිලදී ගැනීම සඳහා ආණ්ඩුව ජනතා මුදලින් නය ලබා දීමට කටයුතු කරමින් ඇත. මෙය හුදෙක්ම ප්‍රවර්ධන වැඩසටහනක් පමණක් වන බව ඉතා පැහැදිලි වන අතර නිදහස් අධ්‍යාපනයෙන් ආණ්ඩුව ක්‍රමානුකූලව ඉවත්වෙමින් එම අවකාශය පෞද්ගලික ලාභ උපයන අධ්‍යාපන කඩ වෙනුවෙන් විවෘත්ත කර දීමට කටයුතු කරමින් ඇත.