தமிழ்
English
Contact
Sunday 29th April 2018    
කාන්තාවන් වෙනුවෙන් අවුරුදු සීයක් පරණ ප‍්‍රතිසංස්කරණයක්වත් ක‍්‍රියාත්මක කරන්න ලංකාවෙ ධනපති පාලකයන්ට බෑ ! – හේමමාලී අබේරත්න « Lanka Views | Views of the truth

කාන්තාවන් වෙනුවෙන් අවුරුදු සීයක් පරණ ප‍්‍රතිසංස්කරණයක්වත් ක‍්‍රියාත්මක කරන්න ලංකාවෙ ධනපති පාලකයන්ට බෑ ! – හේමමාලී අබේරත්න



කාන්තාවන්ට ඇති පීඩාව විසඳනවා තබා ඔවුන් සඳහා ලෙස බටහිර රටවලදී වසර සියයකට පෙර ගෙන ආ ප‍්‍රතිසංස්කරණ විසඳුමක්වත් ක‍්‍රියාත්මක කරන්නට අසමත්ව ඇති බව ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ පවසයි.

කාන්තාවන්වීම නිසාම පත්වී සිටින පීඩාවන්ගෙන් කාන්තාවන් මුදවා ගන්නවා තබා පාලකයන් විසින් පැලැස්තර විසඳුමක් විදියට ගෙන ආ පළාත් පාලන ආයතන තුළ 25‍්‍% කාන්තා නියෝජනය ද පුස්සක් වී ඇති බව ප‍්‍රකාශ කළේ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න විසිනි. එවැනි ප‍්‍රතිසංස්කරණ ලෝකයේ සමහර රටවල් මීට වසර සියයකට පමණ කලින් සිදු කළ බවත්, අඩුම තරමින් අපේ රටේ පාලකයන්ට එවැනි දෙයවත් කරගන්නට නොහැකි හාස්‍යජනක තත්වයක් උද්ගතව තිබෙන බවත්, ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ විසින් අද (21) සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡdවකදී අවධාරනය කෙරිණි.
එහිදී තවදුරටත් අදහස් දැක් වූ හේමමාලී අබේරත්න මෙසේද ප‍්‍රකාශ කළාය.

”පළාත් පාළන ආයතන තුළ, පාළාත් සභා තුළ, පාර්ලිමෙන්තුව තුළ හෝ ඕනෑම ධනේශ්වර ආයතනයක් ඇතුළේ, 25‍්‍ර ක කාන්තා නියොජනය වැඩි කළා කියලා මේ රටේ කාන්තාවන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙ නෑ. ඒක තමා ඒ යෝජනාව ගැන අපි දරණ අදහස. අපි එහෙම කියන්නේ, ලංකාවේ කාන්තාවන් ලක්ෂ 27ක් පෞද්ගලික අංශයේ කම්හල්වල, වැඩබිම්වල, රජයේ ආයතනවල, විදේශ රටවල්වල, විවිධ රැුකියා කරමින් ඉන්නවා. තව ලක්ෂ 33ක් තමන්ගේ ගෙවල් වල ගෘහනියන් විදාහට වැඩ කරමින් ඉන්නවා. තව කාන්තාවන් ලක්ෂ 2ක් රැුකියා අපේක්ෂාවෙන් ඉන්නවා. මේ කාන්තාවන්ගේ ප‍්‍රශ්න මොනවද කියලවත් මේ රටේ පාලකයෝ තේරුම් අරගෙන නැහැ. මේ රටේ ජාතික ආර්ථිකයට වැඩිම පංගුව එක්කරන්නේ විදේශ ගතවෙලා තමන්ගේ ශ‍්‍රමය අඩු මුදලට විකුණන සහෝදරියන් විසින්. ඒ විතරක් නෙවෙයි, වතුකරයේ තමන්ගේ ශ‍්‍රමය වගුරවමින් ඉන්න, ගෙයක් දොරක්, හිසට සෙවණක් නැතුව, තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දීගන්න බැරිව, එදාවේල කන්න හොයාගන්න බැරිව ජීවත්වෙන සහොදරියන් අපේ රටේ ඉන්නවා. ඇඟලූම් කර්මාන්තශාලාවල, වැඩකරන සහෝදරියෝ ඉන්නවා. ඔවුන් අඩු මුදලට ශ‍්‍රමය වගුරවනවා විතරක් නෙවේ, සමහර අවස්ථාවල ඔවුන්ට ජීවිතය පවා අහිමි වෙනවා.

අපේ රටේ කාන්තාවන් දේශපාලනයට කැඳවන එක අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් මේ රටේ පාලකයන් කරන්නේ මහා බොරුවක්. පැලැස්තර විසඳුමක් විදිහට පළාත් පාලන ආයතනවල 25 ක කාන්තා නියෝජනයක් ගේන්න පනත් සම්මත කළා. ඒක තියන තත්වයත් එක්ක සැළකුවාම යම් තරමක සාධනීය දෙයක්. හැබැයි ඒක වංචාවක් කියලයි අපි කියන්නේ. පාලකයන් ඇත්තටම කාන්තාවන්ට සලකන විදිහ දකින්න පහුගිය කාලය පුරාම අපි දැක්කා. දේශපාලන අරගලවල, සටන් කරන තැන්වල, සහෝදරියෝ මැදිහත් වෙද්දී, විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවෝ අධ්‍යාපන අයිතිය ඉල්ලා සටන ආව අවස්ථාවල හැම ආණ්ඩුවක්ම කළේ පන්න පන්නා පහර දීපු එක. ඒ වගේම දින සති මාස ගණන් සිරගතකිරීම. මේ තමා ඇත්තටම අපේ රටේ කාන්තාවන්ට සලකන විදිය. ඒ විතරක් නෙවේ වෙළඳ කලාපයේ සහෝදරියෝ තමන්ගෙ අර්ථසාධක අරමුදල කොල්ලකන්න එපා කියලා සටනට බැස්ස වෙලාවේ මහමගදී බිම දාගෙන පහර දුන්නා, කර්මාන්ත ශාලා ඇතුලතට පැමිණෙමින් පාවා අමානුෂික විදිහට පහර දුන්නා. මෙහෙමයි මොවුන් ඇත්තටම කාන්තාවන්ට සලකන්නේ. තමන්ගේ ඇත්ත අයිතීන් වෙනුවෙන් දේශපාලන කි‍්‍රයාමාර්ගවලට සම්බන්ධ වන අපේ රටේ කාන්තාවන්ට පහරදෙන පාලකයන්ම කාන්තාවන් දේශපාලනය සඳහා කැඳවීමට යැයි පවසමින් 25%ක කාන්තා නියෝජනය ඇතිකරන්න නීති ගේන්නේ ඇත්ත උවමනාවකින් නෙවෙයි. දේශපාලන වාසි ගන්න ඇති උවමනාව නිසයි. එක හොදම පැහැදිලියි ඔවුන්්ම කාන්තා නියෝජනය වැඩි කරන්න කියලා මහා ප‍්‍රචාරයක් දීලා ගෙනා යොජනාවට දැන් අත්වෙලා තිබෙන තත්වයෙන්.

මැතිවරණ කොමිසම කියනවා 25% නීතියට අනුව පළාත් පාලන ආයතන ඉදිරියට පවත්වාගෙන යනවා කියලා. නමුත් පාලකයන්ට අර්බුදකාරී තත්වයක් ඇතිවූ පළාත් පාළන ආයතන ගැන පක්ෂ නායකයන් එකඟ වෙලා ඒකමතිකව තීරණය කරන්නෙ මොකක්ද? ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි තනි පයින් එකඟ වෙලා තියෙන්නෙ 25% කාන්තා නියෝජනය නොසලකා සභා කැඳවන්නලූ. ඒ කියන්නෙ පළාත් පාලන ආයතනවලට කාන්තාවන් ගියත් නැතත් කමක් නෑ කියලයි ඒ කියන්නේ. ඕ අයම ගෙනාව නීතිය ඒ අයම බාල්දු කරලා. පාර්ලිමේන්තුවෙ සම්මත කරපු නීතියක් ගැන මේ විධියට තීරණය කරන්නෙ.

හැබැයි අපි නෙවෙයි මේ නියෝජනය 25%ක් ඉල්ලූවේ. කාන්තාවන් පාරට බැහැලා අපිට 25% දියව් කිව්වෙ නෑ. ඒ කාන්තාවන්ගේ ඇත්ත ප‍්‍රශ්නවලට විසඳුමක් නොවුණත්, කාන්තාවන් දේශපාලනයට ගෙන එන්න කියලා යෝජනා කළ 25%් කාන්තා නියොජනය, දැන් කි‍්‍රයාත්මක වෙන්නේ නෑ. නව මැතිවරණ ක‍්‍රම යෝජනා කරද්දි, ඒ වෙනුවෙන් මැදිහත්වුණු අය පම්පෝරි ගැහුවා. කාන්තාවන්ට සලකනවා, කාන්තා අයිතීන් ලබාදෙන්න කටයුතු කළා කියමින් මැතිවරණ වේදිකාවල පුරසාරම් දෙඩුවා. දැන් මැතිවරණය අවසන්. දැන් කාන්තා නියෝජනයත් අවසන්. අපි කියන ප‍්‍රශ්නය මේකයි. මොවුන් සියලූ දෙනා බොරුකාරයන් විතරයි. මැතිවරණ කොමිසමෙන් එකක් කියනවා. ඇමතිවරු තව එකක් කියනවා. ජනාධිපති තව එකක් කියනවා, අගමැති තව එකක්. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා තව එකක් කියනවා. මොවුන් ලැබුණු මේ අවම ප‍්‍රතිසංස්කරණයත් බලරහිත කරලා. මෙයින් අපිට පැහැදිලියි කාන්තාවන් දේශපාලනයට එනවට මොවුන්ගේ තියන කැමැත්තේ තරම. කාන්තාවන්ගේ ඇත්ත ප‍්‍රශ්න හඳුනාගෙන, එවා විසඳන්න පාලකයන්ට කොහෙත්ම උවමනාවක් නෑ.

ඒ නිසා අප ජීවතිවෙන සමාජයේ ඇත්ත අර්බුදය මේ සිදුවීමෙන්ම පෙන්නුම් කරන්නෙ. ඇත්ත කාන්තා ප‍්‍රශ්න විසඳන්න නොහැකි පාලකයන්ට මේ වගේ සැරසිලි විසඳුමක්වත් දෙන්න බෑ කියලා අපි දන්නවා. ඒ නිසා තමයි අපි කියන්නෙ, කාන්තාවන්ගෙ අයිතින් දිනාගන්න වෙන්නෙ කාන්තාවන් සංවිධානය වෙලා තමන්ගෙ අයිතින් වෙනුවෙන් සටන් කිරීමෙන් කියලා. ඒ සටන පිරිමින්ට විරුද්ධ එකක් නෙවෙයි, ස්ත‍්‍රී පුරුෂ බේදයකින් තොරව, සමාජයක් විදියට අපි මුහුණ දෙන පීඩාවන්ට එරෙහිව ඒ වගේම කාන්තාවන් සහ පිරිමින් සියලූ දෙනා පෙළන සමාජ ආර්ථික ක‍්‍රමයට විසඳුම් හොයන අරගලයක් අවශ්‍යයි. අපි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විදියට මේ රටේ පීඩාවට පත් කාන්තාවන්ට යෝජනා කරන්නෙ, කාන්තාවන්ට ඇත්ත අයිතිය දිනාගන්නා අරමුණු වෙනුවෙන් සටන් කරන්න, සමාජ ආර්ථික තත්වයන් වෙනස් කරන අරගලයට එකතු වෙන්න කියලයි.“