தமிழ்
English
Contact
Saturday 21st October 2017    
ජංගම දුරකතනවල සහ ඩිජිටල් දත්ත නීතිඥවරු ඉදිරියේ ලබාගත යුතුයි – ජනාධිපති කොමිසමේ සභාපති « Lanka Views | Views of the truth

ජංගම දුරකතනවල සහ ඩිජිටල් දත්ත නීතිඥවරු ඉදිරියේ ලබාගත යුතුයි – ජනාධිපති කොමිසමේ සභාපති



මහබැංකු බැදුම්කර වංචාවට චෝදනා ලැබූ මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේනගේ සන්නිවේදන උපකරණවල දත්ත නීතීඥවරුන් සහ නීතීපති දෙපාර්තමෙන්තුවේ නියෝජිතයෙකු ඉදිරියේ ලබාගන්නට තීන්දු කෙරිණි.
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතුවලට අවශ්‍ය නිසා ජංගම දුරකතන සහ වෙනත් ඩිජිටල් උපකරණවල තොරතුරු සාක්ෂ්‍ය වශයෙන් ලබාගැනීමට අවශ්‍ය බව විමර්ශකයන් විසින් ප්‍රකාශ කරන ලද අතර නීතීඥවරුන් සහ නීතීපති දෙපාර්තමෙන්තුවේ නියෝජිතයෙකු සිටියදී එම තොරතුරු ලබාගැනීමට බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි අද(14) නියම කළේය. අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සහ කසුන් පළිසේනගේ ඩිජිටල් උපකරණවල තොරතුරු මෙසේ ලබාගන්නා අවස්ථාවේදී නීතීපති දෙපාර්තමෙන්තුවේ නියෝජිතයෙකුද එහි සිටිය යුතු බවත් විනිසුරු දැනුම් දුන්නේය.ලබා ගත් එම තොරතුරු ඒ අවස්ථාවේදීම දෘඩ තැටි තුනකට බහා කොමිසමේ ලේකම්වරයාට ඉදිරිපත් කළ යුතු බවද විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී. එසේම මෙම කටයුත්ත විඞීයෝගත කිරීම තහනම් බවත් අදාළ පුද්ගලයන්ගේ සාක්ෂ්‍ය විමසීමෙන් අනතුරුව එම ජංගම දුරකථන සහ අදාළ ඩිජිටල් උපකරණ සියල්ලම යළි ඔවුන්ට බාරදිය යුතු බවත් සභාපති විනිසුරුවරයා දන්වා සිටියේය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.