தமிழ்
English
Contact
Thursday 14th December 2017    
සිල් රෙදි බෙදන්න නියෝග කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ – බන්දුල ගුණවර්ධන « Lanka Views | Views of the truth

සිල් රෙදි බෙදන්න නියෝග කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ – බන්දුල ගුණවර්ධන



2015 ජනාධිපතිවරණ ආසන්නයේදී සිල්රෙදි බෙදීමට නියෝගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දී ඇත්තේ සම්බුද්ධ ජයන්ති මහොත්සවය සදහා පත් කළ රාජ්‍ය කමිටුව ලබා දී ඇතැයි කියන නිර්දේශයක් අනුව බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පවසයි.

සම්බුද්ධ ජයන්ති මහොත්සවය සදහා පත් කළ රාජ්‍ය කමිටු නිර්දේශය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිල් රෙදි බෙදාදීමට නියෝගය දී ඇති බවද මන්ත්‍රිවරයා කියයි. ඔහු මේ බව අනාවරණය කළේ රාජ්‍ය අරමුදල් අවභාවිත කරමින් සිල් රෙදි බෙදාදීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනුෂ පැල්පිට බැලීම සඳහා අද (10) වැලිකඩ මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීය.

“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කර රකින්න අයිතියක් ජනපතිවරයාට තියෙනවා.ජනපතිවරයාගේ හෝ අදාළ අමාත්‍යවරයාගේ නියෝගයක් ක්‍රියාත්මක කළ විට ඒ අය කොහොමද ඒ නියෝග පිළිපදින්නේ කියන එක අද ප්‍රශ්නයක්.අසරණ වන රාජ්‍ය සේවකයාට පිහිට වෙන්න ඕනේ. ඒ නිසා  අපි ව්‍යවස්ථා සාමාජිකයන් වශයෙන් තීරණය කරලා තියනවා මහසඟරුවනත් හා මහජනතාවත් දායක කරගෙන රුපියෙලෙන් රුපියල එකතු කරලා සිල් රෙදි සිරකරුවන් නිදහස් කරගැනීමේ අරමුදලක් පිහිටවන්න“යැයි හිටපු ඇමතිවරයකු වන විපක්ෂ මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. එම අවස්ථාවට ගාමිනි ලොකුගේ සහ සිසිර ජයකොඩි යන මන්ත්‍රිවරුද එක්ව සිටියහ.

Save

Save




Related News