தமிழ்
English
Contact
Thursday 14th December 2017    
මෛත්‍රි පළාත්පාලන ඡන්ද සටන වෙනුවෙන් රැස්වීම් මාලාවක් කැදවයි ! « Lanka Views | Views of the truth

මෛත්‍රි පළාත්පාලන ඡන්ද සටන වෙනුවෙන් රැස්වීම් මාලාවක් කැදවයි !



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රට පුරා රැස්වීම් සංවිධානය කරමින් 2018 ජනවාරියේ එළඹෙන්නට නියමිත පලාත්පාලන මැතිවරණය පූර්ව ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජයග්‍රහණය සහතික කරන්නට තමන් විසින් මෙවැනි රැස්වීම් වටයක් ඉදිරියට ගෙන යන බව ඔහු පක්සයේ ජ්‍යෝෂ්ඨයන්ට දැනුම් දී ඇතත් එහි ඇත්ත අරමුණ දේශපාලන බලය සහතික කරගැනීම බවදැනගන්නට ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ඇතිව පළාත්පාලන ඡන්දය තුළ සිය බලය පෙන්වීමට මෙම පියවරට යන්නට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ  වැනිම වූ අධික වියදම් දරමින් ප්‍රචාරක කටයුතු සිදුකරන්නට සහ විහාල ප්‍රමානයේ කටවුට් හා සැරසිලි ක්‍රම භාවිත කරන්නට නියමිතය. රජයේ බස්රථවලින් සෙනග ගෙන්වා ගැනීම හා රජයේ සහ හිතවත් ජනමාධ්‍ය හරහා උපරිම ප්‍රචාරයක් ගැනීමද මෙහි අරමුණක්ව තිබේ.