Posted on 01.16.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තමන්ගේ උපකාරයෙන් බලයට පත් වී තමන්ට කරදර කරන්නට කිසිවකුට ඉඩ ෙනාදෙන බව ඒක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි ඒස්.ඒම්. මරික්කාර් පවසයි.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ගොතටුව මාණික්කමුල්ලේ පැවැති ජනහමුවකදී ඔහු මේ අදහස පළ කර ත්ිබිණී. ‘දැන් මේගොල්ලො හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ ඡන්දෙදි අපට කෙළින්න‘‘යැයි මන්ත්‍රිවරයා ඒහිදී ප්‍රසිද්ධියේ පවසා අැත.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට තරගවදින අපේක්ෂකයන්ගේ රැලියක් අමතමින් මරික්කාර් වැඩිදුරටත් මෙසේ පැවැසීය.
‘‘දැන් මං අහගෙන කියනවා ඊයේ පෙරේදා ඒ අය ඒ අයට හොරා කියනවා. මේ අය මේ අයට හොරා කියනවාලු. හරියට පිටකොටුවේ පික්පොකට් ගහල දුවන අය වගේලු. ඔව් අපි පික්පොකැට් ගැහුවා. මහින්ද රාජපක්ෂගේ සාක්කුවට පික්පොකට් ගහල ඒ පික්පොකට් ගහල උස්සපු කෙනා තමයි අද ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නේ. එයාට මතක නෑ පික්පොකැට් ගහපු ජනාධිපති කෙනෙක් එයා කියලා. ඒ නිසා පික්පොකට් ජනාධිපති කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදා කරන්න‘‘ යැයි ද මරික්කාර් වැඩිදුරටත් පැවැසීය.