தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
රාජිතගෙ ගැසට් නිවේදනයෙන් ඖෂධ මිල 5%කින් ඉහළට - මිල අඩුකළ බවට දුන් ප්‍රචාරය පුස්සක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජිතගෙ ගැසට් නිවේදනයෙන් ඖෂධ මිල 5%කින් ඉහළට – මිල අඩුකළ බවට දුන් ප්‍රචාරය පුස්සක් !



ඖෂධ මිල 05% කින් වැඩි කිරීමට පියවර ගනු ලැබුවේ ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළෙදපොල තුල ඖෂධ මිල ඉහළයාම හේතුවෙන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.
ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම හේතුවෙන් 5% කින් ඖෂධ මිල වැඩි කිරිමට ඖෂධ ආනයනකරුවන්ගේ සහ ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය කළ ඉල්ලීමක් මත ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදු කළ අධ්ය නයකින් පසු මෙම මිල වැඩිකිරීම සිදු වූ බව ඇමතිවරයා කියා සිටී. මේ සදහා සෞඛ්‍ය ඇමතිවරයා විසින් අත්සන් කර ඇති ගැසට් නිවේදනයට අනුව මෙම මිල වැඩි කිරිම වසරක කාලයක් බලපැවැත්වේ. කෙසේවෛතත් එම කාලය තුළ දී ලෝක වෙළෙදපොලේ ඖෂධ මිල ඉහළ ගිය ද ලංකාව තුල ඖෂධ මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව සෞඛ්‍ය අැමතිවරයා සඳහන් කරයි. නමුත් මිල පහළ වැටීමකදීද එහි වෙනසක් සිදු නොවන බව පවසන්නට ඇමතිවරයා උත්සාහයක් නොගත් බවද පැහැදිළි විය.

විශාල ප්‍රමාණයේ ප්‍රචාරක ව්‍යාපාරයක් සිදුකරමින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම සිදු කරනු ලැබුයේ 2016 ඔක්තෝබර් මසදීය. එහිදී සියලුම පුවත්පත්වල පිටුවක ප්‍රමාණයේ දැන්වීම් පළ කිරීමට හා විද්‍යුත් මාධ්‍ය දැන්වීම් හා රටපුරා වෛවර්ණයෙන් දැවැන්ත පෝස්ටර් ව්‍යාපෘතියකට රුපියල් කෝටි ගනනක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වියදම් කර තිබිණි. කෙසේවෙතත් වසරකට අධික කාලයක් තුල ඖෂධ එසේ මිල අඩු කළද රෝගී ජනතාවට එමගින් එතරම් සහනයක් ලැබුන බවක් ප්රාකයෝගිකව දක්නට නොලැබිණී. මිල අඩු කළ ඔෟෂධ බොහොමයක අඩු මිල සහිත වෙනත් ඖෂධ ඇති බැවින් සාමාන්‍ය ජනතාවට එයින් එතරම් වාසියක් අත් නොවූ බව වෛද්‍යවරුන්ගේ මතය විය. නමුත් මෙසේ 5%කින් මිල වැඩිකරනු ලබන්නේ සියලුම ආනයනික ඖෂධ වර්ග නිසා සාමාන්‍ය ජනතාවට මිලදී ගන්නට සිදුව පැරසෙටමෝල් පෙත්තේ සිට මිල ඉහළ යාම බලපානු ඇත. උදාහරණයක් ලෙස මෙතෙක් කල් රුපියල් 1.30 ට අලෙවි කළ පැරසිටමෝල් පෙත්තක නව මිල රුපියල් 1.37 ක් වනු ඇත. තවද මෙම මිල වැඩි කිරීම මගින් අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් යන රෝගවලට නියම කරනු ලබන ඖෂධවල මිල ඉහළ යනු ඇත.

නව ගැසට් පත්‍රයේ මිල ගණන්වලට අනුව ඖෂධ අලෙවි කළ යුතු බවත්, එලෙස ඖෂධ අලෙවි නොකරන අලෙවිසැල් පිළිබදව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් විමර්ශනයක් සහ වැටලීම් ද සිදු කරන බව සෞඛ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි. ගැසට් පත්‍රයේ දැක්වෙන ආකාරයට නව මිල ඒවායේ උපරිම සිල්ලර මිල ලෙස සැලකිය යුතු වේ.