தமிழ்
English
Contact
Thursday 14th December 2017    
ගබ්සාව නීතිගත කිරීමේ අවශ්‍යතාව ගැන ආගමික නායකයන් දැනුවත් කෙරේ ! « Lanka Views | Views of the truth

ගබ්සාව නීතිගත කිරීමේ අවශ්‍යතාව ගැන ආගමික නායකයන් දැනුවත් කෙරේ !



සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් වෛද්‍යවරු පිරිසක් ආගමික නායකයන්ගේ සමුලුවේ නියෝජිතයන් හමුවී ගබ්සාව නීතිගත කිරීමේ අවශ්‍යතාව පිළිබද දැනුවත් කිරිමේ සාකච්ඡාවක් පවත්වන ලදී.

ඊයේ සවස කොළඹ සම්බෝධි විහාරයේ පැවැති සාකච්ඡාවකදී ගබ්සා නීතිය සංශෝධනය කිරීමේ යෝජනා පිළිබද වෛද්‍ය මතය ඉදිරිපත් කරණ ලදී. ඉත්තෑපාන ධම්මාලංකාර, බෙල්ලන්විල විමලරතන, අකුරැටියේ නන්ද, තිනියාවල පාලිත යන භික්ෂුන්ද අගරදගුරු මැල්කම් රංජිත්, ජමියතුල් උලමා සංවිධානයේ ෆසිල් ෆාරුක් ඇතුළු පූජ්‍ය පූජකවරු එම සාකච්ඡාවට එක්වූහ. එහිදී රුහුණ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ළමා රෝගවේදය පිළිබද මහාචාර්ය සුජීව අමරසේන විසින් මෙම දැනුවත් කිරිමේ සාකච්චාවේදී ආමික නායකයන්ට කරුනු පැහැදිලි කරන ලදී. විහේෂිත අවශ්‍යතා සහිත තත්වයන් තුනකදී ගබ්සාව සදහා අවසරය ලබා දෙන නීති සංශෝධනයක් කළ යුතු බව එහිදී මහාචාර්යවරයා විසින් කරුනු දක්වන ලදී. මේ වනවිට ලංකාවේ ගබ්සාව අපරාධයක් බවට ප්‍රකාශිත නීතිය 1833දී බ්‍රිතානයයන් විසින් ඇතිකළ එකකි. එහෙත් ලිංගික අපරාධ, ව්‍යවභිචාරය වැනි තත්වයන් මත හටගන්නා කළලයන්, වයස 16න් පහළ දැරියන් ගර්භනීභාවයට පත්වූ අවස්ථා සහ දුර්වල ජනිතයන් බිහිවන අවස්ථාවන් කල් තබා දැනගැනීමේදී නීතිමය ක්‍රියාදාමයක් ඔස්සේ කළලය පිළිබද තීරණයක් ගැනීමට අයිතියක් ලබාදීම  මෙම නීති සංශෝධනයේ අරමුණ බව එහිදී ප්‍රකාශ විය. මෙම යෝජිත සංශෝධනය අනුව අධිකරණයට වෛද්‍යවරු විසින් කරුනු සහිතව ඒත්තුගන්වමින් ගර්භනීභාවය පවත්වාගෙන යාම නිසා මවට, දරුවාට හෝ සමාජමය වශයෙන් ගැටලුවක් ඇතිවන බවට නිර්දේශ කරන අවස්ථාවන්හිදී මහේස්ත්‍රාත්වරයකු විසින් එම තීරණය ලබා දියයුතු බව අදහස් කරයි.