Posted on 08.25.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
විජේදාස රාජපක්ෂ ඉවත්කිරීමෙන් පසු පුරප්පාඩු වූ අමාත්‍යධූර සඳහා තලතා අතුකෝරල සහ ගාමිණී ජයවික්‍රම යන අය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දීම සිදු කරන ලදි.
ඒ අනුව දැනට විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන තලතා අතුකෝරල නව අධිකරණ අමාත්‍යවරිය ලෙසද තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙස කටයුතුකරමින් සිටින ගාමිණී ජයවික්‍රම නව බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙසද කටයුතු කිරීමට නියමිතය.