தமிழ்
English
Contact
Monday 12th March 2018    
ශාස්ත්‍රීය දැනුමට වඩා ශ්‍රම අවශ්‍යතා ප්‍රමුඛ වෙයි - උසස් පෙළට ‘වෘත්තිය විෂය ධාරාවක්‘ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශාස්ත්‍රීය දැනුමට වඩා ශ්‍රම අවශ්‍යතා ප්‍රමුඛ වෙයි – උසස් පෙළට ‘වෘත්තිය විෂය ධාරාවක්‘ !



උසස් පෙළ අධ්‍යාපනය සදහා පාසල්වල පවතින විෂය ධාරාවන්ට අමතර ‘ වෘත්තීය විෂය ධාරාව‘ ලෙස නව විෂය ධාරාවක් හදුන්වාදීමට ආණ්ඩුව කටයුතු කර ඇත.

ඔක්තෝබර් මාසයේ සිට මෙම විෂයන් ඉගැන්වීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම විෂයන් ඉන් අනතුරුව, 2019 වසරේ සිට සමස්ත පාසල් පද්ධතියේම උසස් පෙළ පන්ති තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වෘත්තීය විෂය ධාරාව අධ්‍යයනය කිරීමේදී  ‘පොදු විෂය මාලාව‘ සහ ‘ව්‍යවහාරික විෂය මාලාව‘ වශයෙන් එය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වනු ඇත. එකී පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන විෂය  09ක් හදුන්වා දෙනු ලබයි.

ආණ්ඩුව විසින් ගෙන යන නව ලිබරල් ප්‍රතිසංස්කරණවලට අනුකූලව ශ්‍රමික පිරිසක් බිහිකර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වී තිබේ. මේ අනුව බිහිවන රැකියා අවශ්‍යතා සදහා වර්තමාන විෂයධාරාවල උසස් පෙළ සමත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආකර්ෂණය කරගැනීමේ දුෂ්කරතා පැන නැගී ඇත. එසේ වන්නට හේතුව විද්‍යා, කලා, වානිජ වැනි විෂය ධාරාවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනත් රැකියා අවස්ථා සදහා යොමුවන බැවිනි. පවතින උසස් පෙළ විෂයයන්ට ආවේණික ශාස්ත්‍රීය අධ්‍යාපනයට වඩා කායික ශ්‍රමය වැයකරන අංශයෙන් ශ්‍රමිකයන් බිහි කරගැනීම අවශ්‍ය වී ඇත. එසේම නවලිබරල් ප්‍රතිසංස්කරණ යටතේ ඉල්ලා සිටින ශ්‍රම බලකායේ කොටස්කරුවන් ශාස්ත්‍රීය අධ්‍යාපනයට වඩා වෙනත් කායික හැකියාවන් සහිත පිරිසක් විය යුතු බව ආණ්ඩුවේ අදහසයි. ඒ නිසා පාසල් අධ්‍යාපනයෙන් උසස් පෙළ හදාරා පිටවන සිසු පිරිස තුළින් එම ශ්‍රමිකයන් තෝරාගැනීම අලුතින් හදුන්වා දෙන විෂයන්වල අරමුණ ලෙස පෙනී යයි.  සැලසුම අනුව උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලු සිසු සිසුවියන් තම අධ්‍යයන වසර දෙකෙහි පළමු මාස 6 දී මෙම විෂයයන් අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු වේ.

එසේ අනිවාර්යයෙන් ප්‍රගුණ කළ යුතු පොදු විෂයයන් මෙසේය.

1.     පළමු බස (සිංහල හෝ දෙමළ)
2.     ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය
3.     සෞන්දර්ය රසාස්වාදය හා සබැඳි කුසලතා
4.     තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා
5.     පුරවැසිභාවයට අදාළ කුසලතා
6.     සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා
7.     ව්‍යවසායකත්ව කුසලතා
8.     ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්
9.     වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්

මෙම පොදු විෂය මාලාව හඳුන්වාදිමේ අරමුණ වන්නේ සිසුන් තුළ ප්‍රායෝගික වැඩලෝකයට අත්‍යවශ්‍ය වන පෞරුෂත්වය ඇතුළු අනෙකුත් මූලික කුසලතා තහවුරු කිරීම බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

වෘත්තිය විෂය ධාරාව හදාරන සිසු සිසුවියන් විසින් ඉතිරි මාස 18 තුළ අධ්‍යයනය කිරීම සඳහා පහත විෂයයන් 26 අතුරෙන් කැමති එක් විෂයක් තෝරාගත හැකිය.

ව්‍යවහාර විෂයයන්

1.      ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය           (Child Psychology and care)
2.      සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය                 (Health and Social Care)
3.      ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා                    (Physical Education ad Sports)
4.      ප්‍රාසාංගික කලාව                                     (Performing Arts)
5.      කාර්යසිද්ධි කළමණාකරණය                   (Event Management)
6.      ශිල්ප කලා                                              (Arts and Crafts)
7.      අභ්‍යන්තර නිර්මාණකරණය                     (Interior Designing)
8.      විලාසිතා නිර්මාණකරණය                       (Fashion Designing)
9.      ග්‍රැ‍ෆික් නිර්මාණකරණය                          (Graphic Designing)
10.    කලාව හා පිරිසැලසුම්කරණය                  (Art and Designing)
11.    භූ දර්ශන නිර්මාණකරණය                       (Landscaping)
12.    ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය (Applied Horticultural Studies)
13.    පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Livestock Product Studies)
14.    ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය        (Food Processing Studies)
15.    ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය              (Aquatic Resource Studies)
16.    වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Plantation Product Studies)
17.    ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය                    (Construction Studies)
18.    මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය       (Automobile Studies)
19.    විදුලිය හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණ අධ්‍යයනය (Electrical and Electronic Studies)
20.    පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය  (Textile and Apparel Studies)
21.    ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය         (Metal Fabrication Studies)
22.    ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Aluminum Fabrication Studies)
23.    මෘදුකාංග සංවර්ධනය                              (Software Development)
24.    වෙබ් නිර්මාණකරණය                            (Web Development)
25.    සංචරණය හා ආගන්තුක සත්කාර            (Tourism and Hospitality)
26.    පාරිසරික අධ්‍යයනය                               (Environmental Studies)




Related News