தமிழ்
English
Contact
Thursday 14th December 2017    
ළග මැතිවරණ සාද කතා මැද මැතිවරණ තියන්නත් මුදල් දී නැති කතාව එළියට එයි ! « Lanka Views | Views of the truth

ළග මැතිවරණ සාද කතා මැද මැතිවරණ තියන්නත් මුදල් දී නැති කතාව එළියට එයි !



ප්‍රතිපාදන නොමැතිවීමෙන් සහ පනත් සංශෝධන පදනම් කරගෙන මේ වසරේ මැතිවරණ පැවැත්වීම පිළිබද ස්ථිර අදහසක් පළ කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇතිබව ‘ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා‘ ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග හෙළිකරන අන්දමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් නොකළහොත් ඔක්තෝබර් මස 26 දාට නිල කාලය අවසන් වන නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව යන පළාත් තුනේ මැතිවරණ මේ වසරේ පැවැත්වීමට සිදුවනු ඇත. කෙසේවෙතත් දැනට පළාත් සභා කාන්තා නියෝජනය 30% ක් කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට සභාගතකර ඇත. අප වෙත ඇති ආරංචි මාර්ග අනුව එම පනත විවාදයට ගන්නා දිනයේදී මැතිවරණ ක්‍රමය කොට්ඨාස ක්‍රමයට පැවැත්විමේ සංශෝධනයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. එය එසේ වුවහොත්, පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට සකස් කිරිම ඇතුළු පනත් සංශෝධනය කිරීම් අවසන් වන තෙක් කාලය අවසන්වන පළාත් සභාවල පවා මැතිවරණ පැවැත්විය නොහැකි වනු ඇත.