தமிழ்
English
Contact
Monday 22nd January 2018    
පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදී කරුනු 3 ක් ගැන එකග වෙති ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදී කරුනු 3 ක් ගැන එකග වෙති !



පළාත්පාලන මැතිවරණය සම්බන්ධව අද(27) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධාන තීරණ 03ට එළඹුණු බව කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරයි.
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙවත් පක්ෂ නායක රැස්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ ප්‍රධානීන්, නීතිපති, විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද එක්විය. පළාත් පාලන මැතිවරණයට අදාල වාරණ නියෝගය පිළිබඳව අවධානය යොමු කිරිම සඳහා පැවැති එකී   සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු 03ක් පිළිබඳව සියලු පාර්ශව එකඟතාවයකට පැමිණි බව කථානායක කාර්යාලය හෙළි කළේය.
එනම් අධිකරණයට කඩිනමින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණ තීරණය ඉක්මනින් ලබා ගැනිම, හැකි ඉක්මනින් එම පෙත්සම් ඉල්ලා අස්කර ගැනිමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සහ තුන්වනුව ප්‍රවේශයන් දෙකකම අසාර්ථක වුවහොත් 2015 ගැසට් පත්‍ර සීමා උපයෝගි කර ගනිමින් මෙම මැතිවරණය පැවැත්වීමේ හැකියාව සොයා බැලීම අද දිනයේ එකඟ වූ කරුණු  03 බව කථානායක කාර්යාලය සඳහන් කළේය.