தமிழ்
English
Contact
Tuesday 22nd August 2017    
කෝටි 71ක් ලාභයට සිදුවූ දේ නොදනිමි – පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කියයි « Lanka Views | Views of the truth

කෝටි 71ක් ලාභයට සිදුවූ දේ නොදනිමි – පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කියයි



2016 දක්වා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ලාභාංශ ලෙස දැක්වෙන රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදු වුයේ කුමක්දැයි තමා නොදන්නා බව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන පවසා තිබේ.

ඊයේ (16) දින පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන් තවදුරටත් සාක්ෂි කැඳවූ අවස්ථාවේදි ඔහු සඳහන් කළේ පර්වෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ මව් සමාගම පර්පෙචුවෙල් කැපිටල් ආයතනය බවය. එහි අයිතිය අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ මුත්තනුවන් වන ජෙෆ්රි ඇලෝසියස් යන අයට හිමිවන බවද ඔහු කියා සිටියේය.

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ 2014 සිට 2016 දක්වා කාලයේ ලාභාංශ රුපියල් මිලියන 712 ක් බව සාක්ෂිකරු විසින් හෙලිදරව් කරන ලදී. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන ප්‍රශ්ණ කළේ එම මුදල්වලට සිදුවූයේ කුමක්දැයි විමසා සිටියේය. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥවරු මෙහිදී මැදිහත්වීමත් සමග විනිසුරුවරයා ඔවුන්ට නිශ්ශබ්ද වන ලෙස දැඩිව අවවාද කරන ලදී. ලාභ මුදල්වලට සිදුවූ දේ පිළිබද ප්‍රශ්නයට, ‘නොදනී’ ලෙස සාක්ෂිකරු පිළිතුරු දීමත් සමග විනිසුරුවරයා දැඩි ලෙස අවවාද කළේ අදාළ තොරතුරු ලබාදීමේ වගකීමට සාක්ෂිකරු යටත් කරන බවයි.
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ බැඳුම්කර ගණුදෙනු සිදුවූ කාමරයේ හඬ පටිගත කිරීමේ පද්ධතිය සම්බන්ධ තොරතුරු අද කොමිසමට ලබාදෙන ලෙස ඔහුට දැනුම්දී තිබුණා. නමුත් එය ලබා නොදීමත් සමග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා කළ ආවේගශීලී ප්‍රශ්න කිරීමට සාක්ෂිකරුද පිළිතුරු ලබාදුන්නේ උච්ච ස්වරයෙනි. එම අවස්ථාවේ විනිසුරු පී ජයවර්ධන මැදිහත් වී “ඇමතුම් පැමිණි වේලාව සහ අංකය එම පද්ධතියේ සටහන් වන්නේද ?“ යනුවෙන් ප්‍රශ්න කළේය.
ඊට සාක්ෂිකරු ‘නැත‘ යන පිළිතුරු ලබාදුන් අතර, විනිසුරුවරයා සාක්ෂිකරු  අමතමින් “අසත්‍ය පැවසුවහොත් සිරගත විය හැකි බව“ යළි අවධාරණය කළේය. එසේම සාක්ෂිකරු පැවසූ කරුණු අදාළ පද්ධතිය මිලදී ගත් සමාගමෙන් පැහැදිළි කරගන්නා බවද විනිසුරුවරයා සඳහන් කලේය.

පර්වෙචුවෙල් මව් සමාගමේ උප සමාගමක්ව ඇති ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ තොරතුරු ලබාදෙන ලෙස අද එම සමාගමට දන්වා තිබුණද ඒ සඳහා තවත් කාලයක් අවශ්‍ය බව එම සමාගමේ නීතිඥවරු ප්‍රකාශ කළහ. එහෙත් කොමිසම එය ප්‍රතික්ෂේප කරමින් එම තොරතුරු අද(16) දිනයේ ලබාදීමට කටයුතු නොකළහොත් ඒ සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බව දන්වා සිටින ලදී.